✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🔹 තම්බා පොඩිකර ගත් මඤ්ඤොක්කා කෝප්ප 3ක්
- 🔹 ලියාගත් බී ලූනු ටිකක්
- 🔹 ලියාගත් අමු මිරිස් කරල් 3ක්
- 🔹 ග්‍රේට් කරගත් තරමක කැරට් අලයක්
- 🔹 සැමන්/ තම්බාගත් මාලු හෝ ඉස්සන් ටිකක් (මේ වර්ග වලින් එකක් කැමති නම් පමනක් එකතු කර ගන්න)
- 🔹 කෑලි මිරිස් තේ හැඳි 2ක්
- 🔹 තුනපහ කුඩු තේ හැඳි 1ක්
- 🔹 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක් පමණ
- 🔹 අබ ඇට ටිකක්
- 🔹 අවශ්‍ය පමණ ලුනු
- 🔹 කහ කුඩු ස්වල්පයක්
- 🔹 ලියාගත් කරපිංචා ටිකක්
- 🔹 තෙල්
දවටනය සඳහා
- 🔹 පාන්පිටි කෝප්ප 1/2
- 🔹 කඩල පිටි/ මුං පිටි කෝප්ප 1/2 (🔴 කඩල පිටි/ මුං පිටි නැත්නම් පාන් පිටි වලින් බැද ගන්නත් පුලුවන්.)
- 🔹 වතුර කෝප්ප 1ක්
- 🔹 අවශ්‍ය පමණ ලුනු
✅ සාදා ගන්නා ආකාරය :
- 💠 භාජනයක් ලිප තබා තෙල් ටිකක් රත් කර ගන්න.
- 💠 එයට අබ ඇට දමා පුපුරුවා ගන්න.
- 💠 දැන් එයට කරපිංචා , බී ලූනු, අමු මිරිස් , කැරට්, මාලු හෝ ඉස්සන් එකතු කරන්න.
- 💠 ඊලඟට කෑලි මිරිස් ,තුනපහ ,ගම්මිරිස් ,කහ, ලුනු අවශ්‍ය පමණ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
- 💠 දැන් තම්බා පොඩිකර ගත් මඤ්ඤොක්කා එකතු කර හොඳින් කලවම් කර ගන්න.
- 💠 දැන් ලිපෙන් ඉවතට ගෙන බෝල සාදා ගන්න.
- 💠 පාන් පිටි, කඩල පිටි හෝ මුං පිටි සමග මිශ්‍ර කරන්න.
- 💠 ලුනු එකතු කරන්න.
- 💠 වතුර එක් කරමින් තරමක උකු මිශ්‍රණයක් සකසා ගන්න.
- 💠 සාදා ගත් බෝල මෙම මිශ්‍රණයේ දවටා ගැඹුරු තෙලේ බැද ගන්න.
සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment