Song Title : Asa Raduna Raduna Than Wal (ඇස රැඳුන රැඳුන තැන් වල)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : මොහොමඩ් සාලි
ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා //
දුක් පැදුර දිගැර අලසව ඇත
හද ගිමන්හලේ
නින්දකට නොවැටි තැවි තැවි
මුළු රැය පහන් කළේ //
ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා //
රෑ කවුද හෙමින් එළඹී
මගෙ කනට මුව තියා
මින්දදගෙ දුන්නෙ මල් හී
පහකැයි කියා ගියා //
ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා //
වැසු විමන් පියන් පියවා
රඳවන්න මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන
විමසන්නෙ යටි හිතයි //
ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා //
0 comments:
Post a Comment