✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🔸 තරමක අර්තාපල් අල දෙකක්
- 🔸 කීරමින් 50g පමණ
- 🔸 බී ලූනු ගෙඩියක්
- 🔸 කෑලි මිරිස් තේ හැඳි 2ක්
- 🔸 රම්පෙ ,කරපිංචා ටිකක්
- 🔸 රස අනුව ලුනු
- 🔸 දෙහි ඇඹුල් ටිකක්
- 🔸 බැදීමට තෙල්
✅ සාදා ගන්නා ආකාරය :
- ✴️ අල සිහින් දිගටි තීරු කපා ගන්න. (ග්‍රේටරයකින් කපා ගන්න පුලුවන්)
- ✴️ කිචන් ටවල් එකක් මත අල තීරු දමා තෙත ඉවත් වූ පසු ගැඹුරු තෙලේ බැද ගන්න.
- ✴️ කීරමින් කරවල ටිකද ගැඹුරු තෙලේ බැද ගන්න.
- ✴️ දැන් බඳුනක් ලිප තබා තෙල් ටිකක් රත් කර එයට කරපිංචා ,රම්පෙ සහ බී ලූනු දමා බැද ගන්න.
- ✴️ ඉන්පසු කෑලි මිරිස් එකතු කර බැදෙන්න හරින්න.
- ✴️ දැන් බැදගත් කීරමින් එකතු කරන්න.
- ✴️ එයට බැදගත් අල සහ රස අනුව ලුනු එකතු කර හොඳින් කලවම් කරන්න.
- ✴️ දැන් ලිපෙන් ඉවතට ගෙන දෙහි ඇඹුල් ටිකක් එකතු කර රස විඳින්න.
💚❤️ ඔයාලත් හදලා රස කියන්නකෝ ❤️💚 සැකසුම : ® නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment