Song Title : Ahasa Usata Naga (අහස උසට නැග)
ගායනය : ඉන්ද්‍රණි බෝගොඩ
පද රචනය : ආරියසේන වඩුගේ
තනුව : චන්ද්‍රදාස බෝගොඩ
අහස උසට නැග පලංචියේ
සිටු මන්දිර හදනා අයියේ
ඒ මන්දිරවල තහංචියේ
අතු කුටියේ මම කාන්සියේ //
උඩට ගියත් නුඹ මහ පොළවේමයි
හිත හොඳකම හින්දා
නුඹ හදනා මැදුරට එන දෙවියොත්
ඒ වාගෙද මන්දා
අහස උසට නැග පලංචියේ
සිටු මන්දිර හදනා අයියේ
ඒ මන්දිරවල තහංචියේ
අතුකුටියේ මම කාන්සියේ
හිතට බයයි නුඹ වැඩි උඩ යනකොට
නුහුරුකම ද මන්දා
බිමට වරෙන් මගෙ බුදු අයියණ්ඩියෙ
මම තනියම හින්දා
අහස උසට නැග පලංචියේ
සිටු මන්දිර හදනා අයියේ
ඒ මන්දිරවල තහංචියේ
අතුකුටියේ මම කාන්සියේ
0 comments:
Post a Comment