"හොඳටම හවස් වුණානෙ.. තාත්තට අසනීප නොවෙන්න කීයටවත් මේ වෙලාවෙ පාරට බහින්නෑ..අනික මහ රෑ වුණත් කමක් නෑ යන්න පුලුවන් පාරක් නම්..මහ ඝන කැලෑවනෙ.."
ඇත්තටම විහංගාද ඒ ගැන සිටියේ මහත් බියකිනි..මන්ද ඒ කැලෑව අසල මංකොල්ලකරුවන් පිරිසක් මෑතකදි
එහි ගමන් ගත් දෙදනෙකුට පහර දී රත්තරං බඩු කොල්ල කෑ නිසාවෙනි..
"අනේ ඔව් සෙනෙත්..මටත් නම් වෙන බයක් නෙවේ..මහ රෑ වුණත් ගාණක් නෑ..ඒත් ඒ පාරෙන් යන එක තමා බය.."
"මොනා කරන්නද විහංගා..අද නොගිහිනුත් බෑනෙ.. තාත්තාට ගොඩක් අමාරුයි..අනික අම්ම විතරනෙ ඉන්නෙ..හදිසියේ හොස්පිට්ල් එකකට වත් අරන් යන්න කවුරුත් නෑනෙ.."
"ඔව් සෙනෙත්..ඒ වුණත් හිතට මොක්ද්දෝ වගේ.. දැන් හයයි වෙලාව..අපි ඒ පාරට ළංවෙද්දි හත හමාරවත් වෙයි.."
"හැබැයි ඒ ටයිම් එච්චර බය වෙන්න දේකුත් නෑ විහංගා.මං රෑ නවයටත් ඔතනින් ගිහින් තියෙනව..ප්‍රධාන පාරනෙ..වාහන රෑ තිස්සේ එහෙට මෙහෙට යනව.."
විහංගාට මඳක් සැනසුමක් දැණුනේ සෙනෙත්ගේ ඒ කතාවටය..
"අනික ඔතන අහම්බෙන් ආපු හොරු දෙන්නෙක් මිසක් ඔතන හොරුන්ගෙ තිප්පලක් නෙවේනෙ.. ඇරත් ඒ බයික් එකෙන් ආපු දෙන්නෙක්..අපි කාර් එකෙන් යන නිසා ඉක්මනට එතනින් පියෑඹුවෑකි.."
සෙනෙත් විහංගා දෙස බලා කීවේ සිනාසෙමිනි..
"පුතා නිදි නේද.."
"ඔව් දැන් ගෙදර යනකන් ඔහොම තමා.."
විහංගා තම දරුවාව තවත් ළං කර ගනිමින් පැවසුවාය..
කෙමෙන් කෙමෙන් කාලය ගතවී ඔවුන් බලාපොරොත්තු වූ වන ලැහැබ අසලට පැමිණෙන විට රෑ හත හමාර වී තිබුණි.. කෙතරම් උත්සාහ කරද විහංගාගේ නම් හිතේ වූ බිය පහ වූයේ නැත..ඇය වටපිට බැලුවේ දැන් දැන් කැලේ සිට කවුරුන් හෝ තම වාහනය ඉදිරියට කඩා වැටෙතැයි බියෙනි..සිනෙත් වාහනේ වේගය මඳක් වැඩි කළේ පාරේ මිනිස් පුලුටක්වත් බොහෝ වේලාවකින් ඇස නොගැටුණ නිසාවෙනි. ඉඳහිට වේගයෙන් තමන් පසුකර යන වාහනයක් දෙකක් මිස අද පාර නිහඬ බව සෙනෙත්ටද වැටහුණි.. කෙසේ හෝ පැය බාගයකින් පමණ පාලු කැලෑ පාර පසුකළ ඔවුන් සැනසුම් සුසුම් හෙලූහ..
"ඇති යාන්තම්..මං පණ බයේ ආවේ.."
විහංගාගේ මුවේද ඇඳුණේ සතුටු සිනාවකි.. එහෙත් එක්වරම තම කාරය පාර මැද නතර වූයේ ඔවුන් සිතාගන්නට වත් නොහැකි ලෙසය..
"මොකද වුණේ සෙනෙත්."
"ශිට්..ආයෙත් අර ප්‍රශ්නෙම තමා..එදත් මේක මඟ නතර වුණා.හැදුවට හරි ගිහින් නෑ වගේ..මං හිටියෙ ආය එහෙම වෙන එකක් නෑ කියල.."
සෙනෙත් දොර හැරගෙන එලියට බැස්සේ ය..
"මං ටිකක් බලනකන් ඔයා ඔහොම ඉඳගෙන ඉන්නකෝ.."
ඔහු කාරයේ පිටුපසට ගිය පසු විහංගා අසුනට බර විය..
"ඇති යාන්තම්..අර කැලේ ගාවින් එහෙම නැවතුණානම් මගෙ පණ එතනම යනව.."
ඈ තමාටම කියාගත්තාය..
වාහන ඉඳහිට හෝ එතනින් මාරු වන නිසා එතරම් බියක් නොදැණුනත් විහංගා සිටියේ වටපිට පිලිබඳ හොඳ නිරික්ෂාවෙනි..
"අටයි කාලයි.."
ඈ මොබයිල් එක බලා තමාටම පැවසුවාය..
"තව වෙලා යයිද සෙනෙත්.."
විහංගා මඳක් උස් හඬින් ඇසුවේ පසුපස කාරය සෝදිසි කරමින් උන් සෙනෙත්ට ඇසෙන ලෙසය..
"නෑ විහංගා..දැන් හරි..තව විනාඩියක් ඉන්න.."
ඈ යලිත් පාර දෙපසට නෙත් යැවීය..පරිසරයේ දැඩි අන්ධකාරය කැපුවේ ඔවුන්ගේ වාහනයේ ලයිට් එලියෙන් පමණි..ඒ එලිය විහිදුණු අවසන් තැන දක්වා තම නෙත් යැවූ විහංගාට තමන්ට අඩි කීපයක් දුරින් තිබූ ගුරු පාරෙන් කවුදෝ මනුස්සයෙක් මතුවුණු පෙණුනේ ය..ඔහු දුටු සැණින් ඇගේ හද ගැස්ම වැඩි වුණත් ඒ එන්නේ වයසක මිනිසෙකු බව හඳුනාගත් ඇගේ බිය පහ විය..
"මේ ළඟ ගෙදරක කවුරු හරි වෙන්න ඇති.."
සිතූ විහංගා ඔහු දෙසම බලා උන්නේ ය..ගුරු පාට අපිරිසිදු කබායකින් සැරසී උන් ඔහු ඉතා කෙසඟය..කොට කලිසමක් හැඳ උන් ඔහු පයට සෙරෙප්පු දාගෙන උන්නේ වැරදි ලෙසටය..
මේ ඉරියව් මැනවින් නිරීක්ෂණය කළ විහංගා ඒ ගැන නොසිතා ඔහේ බලා උන්නාය..
මිනිසා තමා පසු කර ගොස් තම සැමියා හා යමක් පවසනු විහංගාට ඇසිනි..
"ආ...අර පේන ගුරු පාර තමා මාම.."
සෙනෙත් කියනවා ඇසිණි..
විහංගා පුදුම කරමින් අර මනුස්සයා නැවතත් තමන් පසුකරගෙන ඔහු පැමිණි පාර දෙසටම ඇදෙන්නට විය..
"මේ මනුස්සයා ඒ පාරෙන්නෙ ආවෙ..ඉතිං ඒ පාර ගැන ඇහුවෙ මොකද.."
විහංගා සිතන්නටවත් පෙර අර වයසක මනුස්සයා තාර පාරෙන් ගුරු පාර දෙසට හැරුණේ ඇගේ දෑස ඉදිරියේ අද්භූත රුවක් මවමිනි. එනම්,ඔහු ප්‍රධාන පාරෙන් ගුරු පාරට හැරෙත්ම ඔහුගේ ඉණට පහළ කොටස තිබුණේ නැත..ඒ වෙනුවට තිබුණේ සුදෝ සුදු ජායාවක් පමණි.. එමෙන්ම ඔහු හැරුණා නොව,ඇදී ගියා වැනිය..
දුටු දේ ගැන තම නෙත් අදහාගත නොහැකිව ඈ මොහොතක් එහෙමම උන්නාය.
"හරි විහංගා..ඇති යාන්තම් "
කියමින් සෙනෙත් රියදුරු අසුනට පැමිණ වාහනය පණ ගැන්වීය..
විහංගාගේ බිරාන්ත වූ මුහුණ දුටු සෙනෙත් පුදුමයෙන් ඇය දෙස බැලිය..
"මොකද විහංගී.."
"සෙනෙත්..චුට්ටක් අර මනුස්සයා ගිය පාර බලන්න "
"මොන මනුස්සයද..??"
"අර ඔයාගෙන් පාර අහපු වයසක මනුස්සයා අනේ"
එවිටම වාහනය එතනින් බාල කොට සෙනෙත් ඒ දෙස බැලීය..
කිලෝමීටර දෙකක් පමණ යනතුරු වංගුවක් නොතිබූ ඒ පාර දෙපැත්තම කැලෙන් වැසී තිබුණි.. අතරින් පතර ගෙවල් දෙක තුනක් පමණක් තිබූ ඒ ප්‍රදේශයේ තාර පාරේ සිට අඩි කීපයක් දුරින් පිහිටා තිබුණේ සොහොන් පිටියයි..
ඒ පාර ගැන මැනවින් දැනගෙන හුන් සෙනෙත් දැස් හැර බැලුවේ අර වයසක මිනිසා ගියේ කොහේදැයි සිතමිනි..
"කොයි අනේ අර මනුස්සයා.. මෙතනින් නේද ගියේ..විනඩි පහක් වත් නෑනෙ..අනික හයියෙන් යන්ඩත් බෑනේ..පාරේ පේන්ඩත් නෑ.."
සෙනෙත් ඒ පාර දෙස බලා පුදුමයෙන් පවසත්ම, විහංගා තමන් දුටු දේ ගැන පැවසුවේ ගැහෙන හදිනි..
තවත් ප්‍රශ්න නොනැගූ සෙනෙත් වේගයෙන් වාහනය ධාවනය කළේ යමක් සිතේ තබා ගනිම්නි..
මඳ දුරක් පැමිණි ඔහු ජනාකීර්ණ ප්‍රදේශයකට ළඟා විය..
"එතන ඔය පාර හරි පාලුයි විහංගා..මං දවසක් යාලුවෙක් එක්ක ගමනක් ගිහින් තියෙනව ඔහෙන්. අපි ගියේ දවල්..අලි එහෙමත් මාරු වෙනව ඔය පාරෙන්..
ඔතන අපි කාර් එක නවත්තගෙන හිටපු කිට්ටුවම ඒ බොරලු පාරෙන් චුට්ටක් හැරෙනකොටම තියෙන්නෙ කැරකොප්පුව..."
විහංගා වේගයෙන් හුස්මක් ඉහලට ගත්තේ ය..
"ඒ...කියන්නෙ ඒ මනුස්සයා හො..ල්..ම.න..ක්.. ද.."
"වෙන්න පුලුවන් විහංගා..නැත්නම් ඒ ටිකට කොහෙට මාරු වෙන්නද..අනික ඔයා දැක්ක දේවල් අනුව කොහොමත් ඒ මනුස්සයෙක් නම් වෙන්න බෑ"
විහංගා තම ගැහෙන පපුවට අත තබා ගෙන දෙවියන්ට සිතෙන් පිං දෙමින් නිවස බලා පැමිණියාය...
0 comments:
Post a Comment