Song Title : Wi Kirilli (වී කිරිල්ලී)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ආර්. මුත්තුසාමි
1961 දී තිරගතවූ "කුරුලු බැද්ද" චිත්‍රපටියේ ගීයකි.මෙම ගීතය චිත්‍රපටිය සඳහා පසුබිම් ගායනය කළේ ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මියයි.
වී කිරිල්ලී
යයි ඉගිල්ලී
මම පියාඹමිදෝ කෙසේ
වී කිරිල්ලී
යයි ඉගිල්ලී
මම පියාඹමිදෝ කෙසේ ///
කුරුලු ලෝකේ
ප්‍රේමෙ සාමේ
අපට නෑ තව තේරුණේ
කුරුලු ලෝකේ
ප්‍රේමෙ සාමේ
අපට නෑ තව තේරුණේ
සිතන දේ සිතු සේ නොවේ නම්
කිමද නොසිතුව දේ වුණේ
වී කිරිල්ලී
යයි ඉගිල්ලී
මම පියාඹමිදෝ කෙසේ //
තනිව දැරු ඒ
දුක දෙගුණ වී
තව දුකක් ඇතිවේ ළයේ
තනිව දැරු ඒ
දුක දෙගුණ වේ
තව දුකක් ඇතිවී ළයේ
දිළිඳු මාගේ
ජීවන මාර්ගේ
හැරෙන තැන එළඹී තියේ
වී කිරිල්ලී
යයි ඉගිල්ලී
මම පියාඹමිදෝ කෙසේ ///
0 comments:
Post a Comment