Sundara Sobana Gammane Song Lyrics - සුන්දර සෝබන ගම්මානේ ගීතයේ පද පෙළ

Sundara Sobana Gammane Song Lyrics - සුන්දර සෝබන ගම්මානේ ගීතයේ පද පෙළ

Sundara Sobana Gammane Song Lyrics - සුන්දර සෝබන ගම්මානේ ගීතයේ පද පෙළ
Song Title : Sundara Sobana Gammane (සුන්දර සෝබන ගම්මානේ)
ගායනය : රුක්මණී දේවි සමග සී.ටී. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ස්ටැන්ලි පීරිස්


සුන්දර සෝබන ගම්මානේ
මල් මැද මල විලසේ
ආදර වෑහෙන රන් මූණේ
කොයි යනවද දිගැසේ

මා කුඹුරේ සිට මුලු දවසේ
දෑත දෙපා වෙහෙසේ
පැලට යන්නෙමි මම මගේ
සැන්දෑ වුණා සුහදේ

තනියේ ඇයිද පිය ළඳේ
මන්ද යන්නේ මෙසේ
තනි නෑ පුරුදු මේ ගමේ
අන්න සඳ පායා එන්නේ
ඔබ හා එන්න මග දිගේ
කැමති නැතිදෝ ළඳේ
දන්නවා නේද ගම අපේ
පැතිරේවි නොඇසූව දේ

හමුවී දිනක නිදහසේ
ඉන්න ඕනේ ප්‍රියේ
කවදා කෙලෙස එම ලෙසේ
වෙයිද දන්නේ නැතේ
සිතනා විලස සිදු නොවේ
නොසිතු දේමයි වුණේ
එහෙම නේ ලෝකෙ ජීවිතේ
හැමදාම පතමින් තැවේ

සුන්දර සෝබන ගම්මානේ
මල් මැද මල විලසේ
ආදර වෑහෙන රන් මූණේ
කොයි යනවද දිගැසේ

මා කුඹුරේ සිට මුලු දවසේ
දෑත දෙපා වෙහෙසේ
පැලට යන්නෙමි මම මගේසැන්දෑ වුණා සුහදේ
සැන්දෑ වුණා සුහදේ
සැන්දෑ වුණා සුහදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sundara Sobana Gammane Song Lyrics - සුන්දර සෝබන ගම්මානේ ගීතයේ පද පෙළ Sundara Sobana Gammane Song Lyrics - සුන්දර සෝබන ගම්මානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 17, 2022 Rating: 5

0 comments:

Post a Comment