Siyum Sathsara Hada Didi Song Lyrics - සියුම් සත්සර හඬ දිදී ගීතයේ පද පෙළ

Siyum Sathsara Hada Didi Song Lyrics - සියුම් සත්සර හඬ දිදී ගීතයේ පද පෙළ

Siyum Sathsara Hada Didi Song Lyrics - සියුම් සත්සර හඬ දිදී ගීතයේ පද පෙළ
Song Title : Siyum Sathsara Hada Didi (සියුම් සත්සර හඬ දිදී)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : ඉඳුනිල් කෞෂාල් රුද්‍රිගූ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


සියුම් සත්සර හඬ දිදී
තුරු සුළඟ සමගින් සැණකෙළී
මා සමග අත ගත් සමනලී //
හිරු නැඟෙන තුරු තව මා නිදී
සියුම් සත්සර හඬ දිදී

මධු සමේ සැණසිලි සුව දැනී
ඒ සිහිලසේ ඔබ ඉන්නැතී
පෝරුවෙන් ආ විගසින් අපී
තව ජීවිතේ බර දන්නැතී
ඉතින් නැගිටින් පෙම්බරී
දැන් කොළඹ බස් එක ළඟ ඇති

සියුම් සත්සර හඬ දිදී

මේ පැලේ මම වුව සක්විතී
වැඩපලේ මට කිරුළක් නැතී
රතු ඉරේ අනුහස් දැනි දැනී
ඔය උණුසුමේ තව ඉනු බැරී
ඉතින් නැගිටින් පෙම්බරී
දැන් කොළඹ බස් එක ළඟ ඇති

සියුම් සත්සර හඬ දිදී
තුරු සුළඟ සමගින් සැණකෙළී
මා සමග අත ගත් සමනලී //
හිරු නැඟෙන තුරු තව මා නිදී
සියුම් සත්සර හඬ දිදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment