Song Title : Sanda Natha Babalanna (සඳ නැත බැබලෙන්න)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සඳ නැත බැබලෙන්න
නොපෙනෙයි තරු ගොන්න
සුනිල් සුලෝචනියේ
ඔබනෙත් හැර හිනැහෙන්න
උපුල් නුවන් එළියේ
අරුමැසි සැනකෙළියේ
මම සැරිසරමි සදා
ප්‍රිය සනහස් සිලි සිලියේ
සඳ නැත බැබලෙන්න
චංචල තිමිරි ලොවේ
පහන් එළිය ඔබ වේ
චංචල තිමිරි ලොවේ
පහන් එළිය ඔබ වේ
දෙනයන කැළුම් වැදී
මගේ මුළු විජිතය හෙළිවේ
සඳ නැත බැබලෙන්න
නොපෙනෙයි තරු ගොන්න
සුනිල් සුලෝචනියේ
ඔබනෙත් හැර හිනැහෙන්න
ඔබ මගේ සුදෙහිනි
ඔබ මගේ සුබාශිනි
ඔබ මගේ සුදෙහිනි
ඔබ මගේ සුබාශිනි
ඔබ මගේ සජිවනි
ඔව් ඔබ මගේ සුබාශිනි
සඳ නැත බැබලෙන්න
නොපෙනෙයි තරු ගොන්න
සුනිල් සුලෝචනියේ
ඔබනෙත් හැර හිනැහෙන්න
උපුල් නුවන් එළියේ
අරුමැසි සැනකෙළියේ
මම සැරිසරමි සදා
ප්‍රිය සනහස් සිලි සිලියේ
සඳ නැත බැබලෙන්න
0 comments:
Post a Comment