✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🌶️ මාලු 1kg ක් (මම ගත්තෙ ලින්නා මාලු , ඔයාලා කැමති මාලු වර්ගයක් ගන්න . ලින්නා මාලු නම් ඉතාමත් රසයි ,සුවඳයි)
- 🌶️ තෙල් මේස හැඳි 2 ක් (ඔලිව් තෙල්/ එලවලු තෙල් හෝ පොල් තෙල්)
- 🌶️ ලුනු තේ හැඳි 2 ක්
- 🌶️ ගම්මිරිස් කුඩු තේ හැඳි 2ක්
- 🌶️ විනාකිරි මේස හැඳි 1 ක් (අත්‍යාවශ්‍ය නැහැ)
- 🌶️ තක්කාලි සෝස් මේස හැඳි 2 ක්
- 🌶️ වතුර කෝප්ප 1 1/2 ක්
✅ සාදා ගන්නා ආකාරය :
- ♨️ මාලු වල ඔලු සහ බඩ ඉවත් කර කපා සෝදා පිරිසිදු කර ගන්න.
- ♨️ පිරිසිදු කරගත් මාලු ප්‍රෙෂර් කුකර් එකේ අතුරා ඉහත කලමනා දමන්න.ඉහත කලමනා ඔයාලගෙ රස අනුව අඩු වැඩි කර ගන්න පුලුවන්.
- ♨️ දැන් වතුර කෝප්ප 1 1/2 ක් එකතු කරන්න .මාලුවල උසට වතුර තියෙන්න ඕන මදි වගේ නම් තව ටිකක් එකතු කර ගන්න , වැඩි කර ගන්නත් එපා.
- ♨️ දැන් වැඩි ගින්දරේ ප්‍රෙෂර් කුකර් එක ලිප තබා පලමු විසිල් එක වදින තුරු ඉන්න.
- ♨️ පලමු විසිල් එක වැදුනු පසු ගින්දර අඩුම කර විනාඩි 45 ක් පමණ පිස ගන්න.(ලොකු මාලු නම් වෙලාව ටිකක් වැඩි වෙන්න පුළුවන් පැයක් පමණ)
- ♨️ නිවුනු පසු පියන හැර බලන්න කටු අතින් පොඩි වන තරමට තැම්බිලා තියනවද කියලා , මදි වගේ නම් තව විනාඩි 15 ක් පමණ තම්බන්න.
- 🔻 ඔයාලට මේ හදා ගන්න සැමන් අධිශීතකරණය තුල මාසයක් පමණ කාලයක් උනත් තියා ගන්න පුලුවන් . අවශ්‍ය ප්‍රමාණ වලට වෙන් කරගෙන පියන් සහිත භාජන වල අසුරා අධිශීතකරනයේ දාන්න.එතකොට ඔයාලට අවශ්‍ය වෙලවට අවශ්‍ය ප්‍රමාණය ව්තරක් ගන්න පහසුයි.
😍 එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😍
සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment