Song Title : Ranwan Rankedi Pirala (රන්වන් රන්කෙඳි පීරාලා)
ගායනය : සී.ටී. ප්රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සී.ටී. ප්රනාන්දු
සංගීතය : පැට්රික් දෙණිපිටිය
ආ.. අඅඅආ ආ...
ආ.. අඅඅආ ආ...
ආ ආ ආ... ආඅඅආ....
රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා //
කිංකිණි නූපුර නාද දී
මල් මල් මුහුණක් සේ ඇදී
උකුළ සලාලා බඳ නළවාලා
රඟන්න සියුමැලියේ
රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා //
කිංකිණි නූපුර නාද දී
මල් මල් මුහුණක් සේ ඇදී
උකුළ සලාලා බඳ නළවාලා
රඟන්න සියුමැලියේ
හද වීණාව ගී නාද දෙයි
නයනානන්ද රූපේ අගෙයි //
ප්රිය නාරී ලතා
කිම නැත්තේ කතා
රණ හංසී වගේ විල් දියේ
රමණීයයි ඔබේ නෙත් ප්රියේ
ඕහ්..
රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා //
කිංකිණි නූපුර නාද දී
මල් මල් මුහුණක් සේ ඇදී
උකුළ සලාලා බඳ නළවාලා
රඟන්න සියුමැලියේ
නෙතගේ බැල්ම නිලුපුල් වගෙයි
මුතු සේ දන්ත කල්යාණ වෙයි //
සුර ලෝකෙන් ගෙනා
සළු සුළඟේ වනා
රණ මයුරී ලෙසේ මල් ලොවේ
රඟපානු සිනා පා මුවේ
ඕහ්..
රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා //
කිංකිණි නූපුර නාද දී
මල් මල් මුහුණක් සේ ඇදී
උකුළ සලාලා බඳ නළවාලා
රඟන්න සියුමැලියේ
උකුළ සලාලා බඳ නළවාලා
රඟන්න සියුමැලියේ //
0 comments:
Post a Comment