Nube Neth Tharu Yayi Uwam Kota Song Lyrics - නුඹේ නෙත් තරු යැයි උවම් කොට ගීතයේ පද පෙළ

Nube Neth Tharu Yayi Uwam Kota Song Lyrics - නුඹේ නෙත් තරු යැයි උවම් කොට ගීතයේ පද පෙළ
Song Title : Nube Neth Tharu Yayi Uwam Kota (නුඹේ නෙත් තරු යැයි උවම් කොට)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : යසනාත් ධම්මික බණ්ඩාර
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයිද ගිනිගෙන දවන්නේ //

නුඹේ වත මලකැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද //
මගෙන් විමසාවී
මලක් නම් වත
ඇයිද කටු ලෙස ඇනෙන්නේ

නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයිද ගිනිගෙන දවන්නේ

නුඹේ සිත මෙලෙකැයි පසක් කොට
මා එදා ලියු කවි පද ම අද //
මගෙන් විමසාවී
මෙලෙක් නම් සිත
ඇයිද හිස වැද රිදෙන්නේ

නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයිද ගිනිගෙන දවන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment