පොලිස් නිලදාරියකු වූ මා රත්නපුර ප්‍රදේශයේ රැකියාවේ නියතුව සිටියෙමි.මාස කීපයකින් ලද නිවාඩුවට නිවස බලා යාමට පැමිනි මට රාත්‍රී බස් රථය මග හැරීම නිසා පයින් යාමට සිදු විය.
"මල්ලි කොහෙටද යන්නෙ."
මා අසලින් නැවතුනු ත්‍රීරෝදරථ කරැවකු විමසීය.
"මන් නුවරට යන්නෙ අයියා"මා පැවසීමි.
"ඕහ් මාත් නුවර තමා යන්නෙ.යන් මන් මල්ලිව දාගෙන යන්නම් දැන් වෙලාව නමයටත් කිට්ටුයි නේ....."
"හරි අයියා" මා ත්‍රීරෝදරථයට ගොඩ වීමි.ඔහු සාමාන්‍ය වේගයෙන් ගමන ඇරබින.මොහොතකින් වේගවත්ව ඉදිරියට ඇදෙන්නට විය.
"මල්ලි රස්සාවට ගිහින් එන ගමන්ද?"
"ඔව් අයියා මම පොලීසියේ.රෑ බස් එක මිස් උනා."
"ඔව් මේ බස් කාරයෝ බලන් නෑ උන්ට යන්ට විතරයි ඕනි."ඔහු පැවසුවේ සිනහවක් නගා ගනිමිනි.
අදුරෙන් වැසුනු මාවත් ඔස්සේ පෙරට ඇදුනෙමු.
"අයියා ඔතනින් දාන්ට මන් මේ ඇතුල් පාරෙ යන්ට ඕනි."
"හරි මල්ලි" ඔහු ත්‍රීරෝදරථය නැවත්වීය.
"බොහොම ස්තූතියි අයියා පරිස්සමෙන් ගිහින් එන්න ආයෙත් හම්බෙයි දවසක."
"අනිවාරෙන්ම මල්ලි.මල්ලි පරිස්සමෙන් යන්ට වෙලාව 11.30 ඉක්මනට යන්ට" ඔහු මට සමුදී පිටත් විය.
මා මාවත් ඔස්සේ පෙරට ඇදුනෙමි.සද එලිය නිසාවෙන් අදුර මැකී තිබින.සීතල නිසා බෑගයට අත දමා සිගරැට් එකක් ගෙන දල්වා ගතිමි.සිගරැට්ටුව උරමින් පෙරට ඇදුනෙමි.ගස් වලින් වට වුනු අදුරු පදෙස් පසු කරද්දී සිතට චකිතයක් නැගුනද එය ගනනට නොගෙන පෙරට ගියෙමි.
නිවසට් මදක් මෙහායින් වූ පාලම පසු කරත්ම ඇලට යමක් වැටෙන හඩක් ඇසින.ආපසු හැරැන මා පාලම දෙපස විපරම් කලෙමි.පෙනෙන්නට කිසිවක් නැත.පාලමට පහලින් වූ ඇලට එහායින් වූ අපගේ කුබුරේ බඩඉරිඟු වවා තිබුනි.මා නැවතත් පාලම යට බැලීමි.
"අහ්" මිනිසෙකු පාලම යට වැටී සිටියි.ඔහුගේ නිල්වන් දෑස මා දෙසට යොමුව සද එලියෙන් බබලයි.ඇලේ ජලය ඔහුට උඩින් ගලා යයි.
"දෙවියනේ" මා වහා බෑගය පාලම මත අතහැර පාලමෙන් පහලට පැන්නෙමි.උස වැඩි නිසා දෝ සමබර තාවය රැකගත නොහැකිව මා ඇල මත ඇද වැටීමි.ජලය අඩුවෙන් තිබූ නිසාත් ඇල නොගැබුරැ නිසාත් හානියක් නොවී නැගිටගත් මා වැටී සිටි පුද්ගලයා අසලට ගියෙමි.
ඔහු අසල දන ගැසූ මා ඔහුගේ හිස ඔසවා ගතිමි.
"මල්ලි උබට මොකද වුනේ කරදරයක් නෑ නේද? "
"මාව වාහනේකින් හප්පලා පැනලා ගියා" ඔහු අමාරැවෙන් පැවසීය.
මා ඔහු ඔසවා ගෙන පාලම උඩට ආවෙමි.රට තනකොල පදුරැ මැදින් ඔහු ඔසවාගෙන ඒම නිසා ශරීරය කැපී වේදනා දුන්නත් මිනිසෙකුට මිය යාමට දීමට නොහැකි නිසා එය ඉඅවසා සිටියෙමි.
ඔහු සිහිසුන්ව සිටීම නිසා මා ඔහුව බිම තබා බිම තබා තිබූ මගේ බෑගය කරේ දමා ගතිමි.පසුව ඔහුව ඔසවාගෙන නිවස දෙසට ඇවිද ගියෙමි...
"ලොකූ,ලොකු අයියා ඉක්මනට දොර ඇරපන්" මිදුලට ගිය මා කෑ ගැසීමි.
දොරේ ලොක් එක අරිනු ඇසින.ලොකු අයියා දොඅ ඇරගෙන පිටතට ආවේය.
"මල්ලි කවුද මේ......."
"පස්සෙ කියන්නම් දැන් මූව අල්ලපන්කෝ මගෙ කාමරේට."
අප ඔහුව කාමරයට ගෙන ගොස්.තෙත ඇදුම් මාරැ කර ඇදුමක් අන්දවා තැබීමු.
"ලොකු අයියා මුට සිහිය එනකම් යමන්කො එලියට."
අප සාලයට ආවෙමු.අම්මා අවදිව කෝපි කෝප්ප දෙකක් සාදාගෙන ආවාය.
"මේ මනුස්සයා පාලම යට වැටිලා හිටියෙ.මන් ගොඩගද්දි සිහිය තිබ්බා.කවුදෝ වාහනේකින් හප්පල දාල ගියාලු."කෝපි කෝප්පය මුවට ලං කරමින් මා පැවසීමි.
"ඒක හොදයි හෙට උදේම මෙයා කවුද කියල හොයල ගෙදරට ගිහින් දාමු."
"අපෙ බඩඉරිඟු වගාව හොදයි නේ......"
"ඔව් මල්ලි ඒක ගොඩක් දුරට හරි ගියා....."
"කවුරැත් නැද්ද?" මගෙ කාමරය දෙසින් ඇසුනු ශබ්දය නිසා අප දෙදෙන දිව ගියෙමු.
"අම්මේ කෝපි කෝප්පයක් හදන්ට මෙයාට සිහිය ඇවිත්."
"මල්ලි ඇත්තටම මොකද උනේ මල්ලි කාගෙ කවුද?"
"මම මේ ගමේ.අයියල මාව දන් නැතුව ඇති.අයියල ඇවිත් වැඩි කාලයක් නෑනෙ මේ ගමට.ඔය ඔයාල ගත්තු කුබුරැ මගේ ඒවා."
"අහ් එහෙමද එහෙනම් මල්ලිගෙ තාත්ත වෙන්ට ඇති විකුනන්ට ඇත්තෙ."
"ඔව්.මන් අද කඩේට ගිහින් එද්දි රෑ උනා.කාර් කාරයෙක් පිටි පස්සෙන් ඇවිත් වද්දල ගියා.මේ අයියා නොහිටින්ට වතුර හින්ද හුස්ම ගන්ට බැරැව මැරෙන්නෙ."
අම්මා ගෙනා කෝපි කෝප්පය පානය කල ඔහු,ඇදේ හාන්සි විය.
"හෙට උදේම මාව ගෙදරට එක්කන් යන්න.මන් නිදාගන්නවා."
ඔහුට නින්දට ඉඩ දී අප කාමරයෙන් පිට වීමු.
"අයියා චූටි කෝ......"
"ආ චූටි නංගි යාලුවෙක්ගෙ ගෙදර ගියා හෙට උදේ එයි.අප්පච්ව් නම් නිදි."
"හ්ම් එහෙනම් අයියත් නිදාගන්ට."
"හරි මල්ලි උබ උඩ තට්ටුවේ කාමරේට පලයන්........"
ඔහු කාමරයට ගියේය.මා සෙමෙන් පඩි පෙල නැග උඩ තට්ටුවට ගියෙමි.
ඇදුම් මාරැ කරගත් මා කන්නාඩිය අසලට ගියෙමි.උඩු කය නිරැවත් මගේ ශරීරය දෙසම බලා සිටියෙමි.ගෙලේ එල්ලුනු දම්වැලක අමුනා තිබූ කුරැසය ලයිට් එලියට දිලිසෙයි.
පයින් ඇවිදන් ඒම නිසා පාද කකියයි.පාලම පල්ලේ පනින විට වැටුනු නිසා පාදයක් උලුක් වී ඇත.ඔහු ඔසවාගෙන ඒම නිසා දෑතද රිදුම් කයි. කාමරයේ ලයිට් නිවා දැමූ මා නිදා ගැනීමට ඇදට වැටුනෙමි.මහන්සිය හා ශරීරයේ වේදනාව නිසා ඉක්මනින් නිදි කුමරිය මා වැලද ගන්නට ඇත.
කුරැලු ගී නාදයෙන් මා අවදිවන විට උදෑසන හත පමන වී ඇත.ඉර එලිය වැටී කාමරය ආලෝකමත් වී ඇත.ඇද මත දමා තිබූ කමිසය ඇදගත් මා පඩි පෙල බැස්සෙමි.
මාගේ කාමරයට ඔලුව දැමුවේ කාමරයේ ඔහු තවමත් නිදි විය යුතුය යන්න විශ්වාසයෙනි.ඔහු නැත හිස් ඇද පමනි.
"අම්මේ" මා මහ හඩින් කෑ ගැසීමි.
.
ප්‍රතිචාරයක් නැත.නිවස පුරා ගියෙමි කිසිවෙකු නැත.
"වෙලටවත් ගියාද දන් නෑ "
මා මිදුලට බැස්සෙමි.පාලම දෙසින් කෑ ගසන හඩක් ඇසේ.වලියක් වත්ද දන් නෑ.මා සෙමෙන් පාරට බැස පාලම දෙසට ඇවිද ගියෙමි.සීයක පමන සෙනගක් පාලම මත සිටගෙන සිටියි.මා සෙනග පීරාගෙන ඉදිරියට ගියෙමි.මා දුටුවේ කුමක්ද?
මිහිපිට කිසිදු සහෝදරයෙක්,දරැවෙක් දැකිය යුතු දර්ශනයක් නොවේ.පාලමේ තාර පොලව මත දන ගැසුනේ දෙපා අඩපන වීමෙනි.
අම්මා,අප්පචිචි,ලොකු අයියා ලේ විලක් මැද වැටී සිටියි.ඔවුන්ව ඉරා දමා ඇත.
"අම්මේහ්..............."
ගම දෙදුරැම් කන සේ කෑ ගැසීමි.කුබුරේ බඩ ඉරිගු පැල අතර දුටු නිල් ඇස් දෙක නිසා යමක් සිහිවිය.
"අයියෙ මේ වෙලේ අයිති කාරයගෙ පුතා කෝ.........."
මට පිටුපසින් සිටි අයකුගෙන් විමසීමි.
"මොකක් මල්ලි මල්ලි එයාව දන්නවද? ඒක වෙන්න නම් බෑ මල්ලිලා මේ ගමට එන්න අවුරුදු ගානකට කලින් මේ පාලම උඩ වෙච්ච ඇක්සිඩන්ට් එක්කින් මනුස්සයා මැරැනා."
"මොකක්?"
එසේ නම් මා නිවසට ඔසවාගෙන ගියේ මිය ගිය අයෙක්ද?ඔහුගේ කුබුර මිලදී ගෙන වගා කල නිසා මගේ පවුලේ අය මරා දැමුවාද?එසේ නම් මා ඉතුරැ වූයේ කෙසේද?
හමා ආ සුලගකින් ගෙල බැදි මාලය සෙලවිනි.කුරැසය අමනුස්සයින්ට ලගාවිය නොහැක.එසේ නම් මා ජීවත් වීමේ රහස එයද? වෙනදා මාලය ගලවා නිදියන මට එය ගැලවීමට අමතකවූයේ ඇයි?
"අයියේ මොකද මේ වුනේ?අම්ම,අප්පචිචි,ලොකු අයියා,"
නැගනිය දුව විත් මා වැලද ගත්තාය.
"එයාල අපිව දාල ගියා මගෙ නංගි."මා ඇය බදාගෙන හැඩුවෙමි.
"බය වෙන්ට එපා මගෙ නංගි.උබට මේ පොඩි අයිය ඉන්නවා.කවදාවත් උබව දාල යන් නෑ."
මාලයේ බැදි කුරැසය අතින් තද කරගත් මා නැගනියව බදාගත්තෙමි.ඇයගේ කදුලු බිදු මාගේ කමිසය තෙත් කරමින් පහලට රෑටා ගියේය.
0 comments:
Post a Comment