බිම්මල් සුප් හදමු (මෂ්රූම් සුප් හදමු) (Mushroom Soup Hadamu)

බිම්මල් සුප් හදමු (මෂ්රූම් සුප් හදමු) (Mushroom Soup Hadamu) - Your Choice Way
අද මං ඔයාලට ගෙනාවෙ  පෝෂණීය ගුණයෙන් ඉහළ ඉතාමත් රසවත් සුප් එකක් .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔹 බිම්මල්  150g ක්
  • 🔹 අර්තාපල් 100g ක්
  • 🔹 කැරට්  100g ක්
  • 🔹 තක්කාලි  100g ක්
  • 🔹 ලීක්ස්  50g ක්
  • 🔹 බී ලූනු ගෙඩියක්
  • 🔹 බටර්
  • 🔹 කෝන්ෆ්ලාර්
  • 🔹 ගම්මිරිස් කුඩු
  • 🔹 ලුනු කුඩු
  • 🔹 රම්පෙ, කරපිංචා
  • 🔹 සැල්දිරි

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌀 එලවලු හොඳින් පිරිසිදු කරන්න.
  2. 🌀 අර්තාපල් ,කැරට් ,ලීක්ස් ,බිම්මල් ,බී ලූනු සහ තක්කාලි කුඩාවට කපා ගන්න.
  3. 🌀 කපාගත් අර්තාපල් සහ කැරට් අවශ්‍ය පමණ වතුර යොදා තම්බා ගන්න.
  4. 🌀 දැන් වෙනත් බඳුනක් ලිප තබා බටර් ටිකක් රත් කර එයට කපාගත් බී ලුනු, රම්පෙ, කරපිංචා , සැල්දිරි , බිම්මල් ,ලීක්ස් සහ තක්කාලි එකතු කර තෙම්පරාදු කර ගන්න.
  5. 🌀 දැන් මෙය තම්බාගත් අර්තාපල් සහ කැරට් මිශ්‍රණය ට එකතු කරන්න.
  6. 🌀 රස අනුව ලුනු සහ ගම්මිරිස් කුඩු එකතු කරන්න.
  7. 🌀 අවසානයට දියකර ගත් කෝන්ෆ්ලාර් එකතු කරන්න.
සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
බිම්මල් සුප් හදමු (මෂ්රූම් සුප් හදමු) (Mushroom Soup Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment