✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🔹 බිම්මල් 150g ක්
- 🔹 අර්තාපල් 100g ක්
- 🔹 කැරට් 100g ක්
- 🔹 තක්කාලි 100g ක්
- 🔹 ලීක්ස් 50g ක්
- 🔹 බී ලූනු ගෙඩියක්
- 🔹 බටර්
- 🔹 කෝන්ෆ්ලාර්
- 🔹 ගම්මිරිස් කුඩු
- 🔹 ලුනු කුඩු
- 🔹 රම්පෙ, කරපිංචා
- 🔹 සැල්දිරි
✅ සාදා ගන්නා ආකාරය :
- 🌀 එලවලු හොඳින් පිරිසිදු කරන්න.
- 🌀 අර්තාපල් ,කැරට් ,ලීක්ස් ,බිම්මල් ,බී ලූනු සහ තක්කාලි කුඩාවට කපා ගන්න.
- 🌀 කපාගත් අර්තාපල් සහ කැරට් අවශ්‍ය පමණ වතුර යොදා තම්බා ගන්න.
- 🌀 දැන් වෙනත් බඳුනක් ලිප තබා බටර් ටිකක් රත් කර එයට කපාගත් බී ලුනු, රම්පෙ, කරපිංචා , සැල්දිරි , බිම්මල් ,ලීක්ස් සහ තක්කාලි එකතු කර තෙම්පරාදු කර ගන්න.
- 🌀 දැන් මෙය තම්බාගත් අර්තාපල් සහ කැරට් මිශ්‍රණය ට එකතු කරන්න.
- 🌀 රස අනුව ලුනු සහ ගම්මිරිස් කුඩු එකතු කරන්න.
- 🌀 අවසානයට දියකර ගත් කෝන්ෆ්ලාර් එකතු කරන්න.
සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment