Song Title : Me Pipasitha Lo Thale (මේ පිපාසිත ලෝ තලේ)
ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "අල්ලපු ගෙදර" චිත්රපටියේ ගීයකි.
මේ පිපාසිත ලෝ තලේ
ආ.......
ලලනාව වේ අමා ජලාශේ
ආ.....
නොසිඳේ ඈගෙ පෙම් රසේ
මේ පිපාසිත ලෝ තලේ
ලලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ //
මේ පිපාසිත ලෝ තලේ
බැලුවාම පේන වැලි තලාවකී
පතුලේහි දිය ගලා දිවේ //
හද තාප ගින්න සීතවේ
හැමුවාම සුවඳ මුව මල් ගොමුවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ
මේ පිපාසිත ලෝ තලේ
ලලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ
මේ පිපාසිත ලෝ තලේ
සාදා රකින්නෙ බිඳහෙළන්නෙ ඒ
දෙවියන් කියා අසා තියේ
මගෙ දෑස දැක්ක මේ ලොවේ
දෙවියෝය ලලන සුවදෙන ජීවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ
මේ පිපාසිත ලෝ තලේ
ලලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ //
මේ පිපාසිත ලෝ තලේ
බැලුවාම පේන වැලි තලාවකී
පතුලේහි දිය ගලා දිවේ //
හද තාප ගින්න සීතවේ
හැමුවාම සුවඳ මුව මල් ගොමුවේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ
මේ පිපාසිත ලෝ තලේ
ලලනාව වේ අමා ජලාශේ
නොසිඳේ ඈගෙ පෙම් රසේ //
මේ පිපාසිත ලෝ තලේ
0 comments:
Post a Comment