Song Title : Malsarata Prema Loke (මල්සරාට ප්‍රේම ලෝකෙ)
ගායනය : සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා)
පද රචනය : ඒ. ජේ. සොයිසා
සංගීතය : ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "සත පනහ" චිත්‍රපටියේ ගීයකි.1961 දී මුල් වරට තිරගතවූ "සාසුරාල්" චිත්‍රපටියේ ලතා මංගෙස්කාර් ගායනා කළ "සුන් ලෙ මේරි" ගීයේ තනුවට මෙම ගීය නිර්මානය කර ඇත.
මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා
මල් නෙළන්න වාසනාව මටද අත්වුණා
ගයා ගී
ගයා ගී //
ප්‍රේමවන්තයෙක් මටත් ලැබෙයි කියා
මා සිතුවෙ නැත්තේ සීනෙකින් කියා //
දෑත ගන්නයි කියා
මාගෙ ආලේ සොයා
අනේ කවුදෝ මේ ආවා වූ පෙම් රජා
මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා
මල් නෙළන්න වාසනාව මටද අත්වුණා
ගයා ගී
ගයා ගී
දැක්ක දාම නෙත් ඇදී ගියා ප්‍රියේ
පෙම් තොටිල්ලෙ මා ඉතින් ඔබේ ළයේ ...//
වාසනාවයි මගේ
ප්‍රේම රාණි වාගේ
ඉතින් සැමදා මං ඉන්නෙම් මේ ජීවිතේ
මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා
මල් නෙළන්න වාසනාව මටද අත්වුණා
ගයා ගී
ගයා ගී
මාව ඔබට පෙන්න දුන්නෙ මහබඹයි
ඒක අහස පොළොව එක් වුණා වගෙයි //
රාම සීතා සොයා
ආවා වාගේ ඔයා
කොහේ ඉඳලා දෝ ආවා මේ මා සොයා
මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා
මල් නෙළන්න වාසනාව මටද අත්වුණා
ගයා ගී
ගයා ගී //
0 comments:
Post a Comment