Song Title : Mal Loke Rani (මල් ලෝකේ රාණී)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : ලලිත් එස්. මෛත්‍රීපාල
තනුව : සී.ටී. ප්‍රනාන්දු
මල් ලෝකේ රාණී
මල්සර දෝණී
මධුභාෂණියෙ මගෙ මාලා
කෝමලපානී
නයනේ සුභානී
සනසනු මා පෙම් පාලා //
මා හද විල සරසාලා
ආදර මල හැඩ වීලා //
මා සනසා ඉඟි පාලා
රඟන්න චලලෝචනී
මල් ලෝකේ රාණී
මල්සර දෝණී
මධුභාෂණියෙ මගෙ මාලා
කෝමලපානී
නයනේ සුභානී
සනසනු මා පෙම් පාලා //
මේ මුලු ලොවම එපාවේ
මගෙ රස රැජිණ හිනාවේ //
සම්පත සතුට ගෙනාවේ
ඔබ නේද මධු රාජණී
මල් ලෝකේ රාණී
මල්සර දෝණී
මධුභාෂණියෙ මගෙ මාලා
කෝමලපානී
නයනේ සුභානී
සනසනු මා පෙම් පාලා //
0 comments:
Post a Comment