කොහිල සොසේජස් හදමු (Kohila Sausages Hadamu)

කොහිල සොසේජස් හදමු (Kohila Sausages Hadamu) - Your Choice Way

ගෙදර දිම ඔයාලට හදා ගන්න පුළුවන් රසවත් සොසේජස් රෙසිපි එකක් අද මං ඔයාලට ගෙනවා. නිර්මාංශ ආහාර ගන්නා අපේ යාලුවන්ට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.ඉතිං නිර්මාංශ අයට විතරක් නෙමෙයි මේ විදියට කෘතීම රසකාරක සහ වස විස නැතුව ඔයාලටත් පුළුවන් මේකට ඔයාලා කැමති ද්‍රව්‍ය  අමතරව එකතු කරලා ඔයාලා කැමති ආකාරයට ගෙදර දිම රසවත් , ගුණවත් , සෞඛ්‍යාරක්ෂිත සොසේජස් ටිකක් ගෙදර හදා ගන්න .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌶️ කොහිල අල ග්‍රෑම් 200 ක්
  • 🌶️ රටලූනු හෝ රතුළූනු ටිකක්
  • 🌶️ අමු මිරිස් කරල් 2 ක්
  • 🌶️ ලියාගත් ඉඟුරු ,සුදුළූනු ටිකක්
  • 🌶️ කෑලි මිරිස් ටිකක්
  • 🌶️ ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • 🌶️ කහකුඩු ස්වල්පයක්
  • 🌶️ අවශ්‍ය පමණ ලුණු
  • 🌶️ බැදගත් කඩල පිටි, හාල්පිටි හෝ පාන් පිටි ග්‍රෑම් 50 ක් පමණ

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🥖 මුලින්ම කොහිල අල පිරිසිදු කර කුඩා කැබලි වලට කපා ලුණු ස්වල්පයක් එකතු කර හොඳින් තම්බා ගන්න.
  2. 🥖 තම්බාගත් කොහිල කැබලි වතුර පෙරා වැඩි වතුර මිරිකා ඉවත් කර ගන්න.
  3. 🥖 දැන් මෙම කොහිල කැබලි , රටළූණු, අමු මිරිස් , ඉඟුරු , සුදුළූනු , කෑලි මිරිස්, ගම්මිරිස් කහකුඩු සහ අවශ්‍ය පමණ ලුනු , සියල්ල එකට දමා  කෑලි නොසිටින සේ හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
  4. 🥖 හොඳින් අඹරාගත් ගත් මෙම මිශ්‍රණය ට ඔබ කැමති පිටි වර්ගයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න .
  5. 🥖 දැන් මෙම මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණ ගෙන සොසේජස් හැඩයට සකස් කර පිරිසිදු ඉටිකොළ කැබලි වල හෝ කපා ගත් ලන්ච් ශීට් වල ඔතා විනාඩි 10ක් 15 ක් පමණ හුමාලයෙන් තම්බා ගන්න.
  6. 🥖 නිවුනු පසු ඉටිකොළ ගලවා ඉවත් කර ගන්න.

මේ ප්‍රමාණයෙන් මම සොසේජස් 10 ක් සකස් කර ගත්තා.වෙලද පලෙන් ගේන සොසේජස් තරම් තද ගතියක් නම් මේ සොසේජස් වල නැහැ. ඔයාලට කැමති නම් තම්බාගත් මස් හෝ මාලු ,  තම්බාගත් සෝයාමීට් , කඩල පරිප්පු , උම්බලකඩ කුඩු වැනි දේ එකතු කරගෙන ඔයාලට  අවශ්‍ය විදියට රස වැඩි කර ගන්න පුළුවන් . මේවා එකතු කරනවා නම් ඒවත් හොඳින් අඹරලා ගන්න ඕනෙ.ඉතිං ඔයාලත් හදලා බලන්න , ඉතාමත් පහසුයි ඒවගේම රසවත් , ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😍 

සැකසුම :© නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
කොහිල සොසේජස් හදමු (Kohila Sausages Hadamu) - Your Choice Way

කොහිල සොසේජස් හදමු (Kohila Sausages Hadamu) - Your Choice Way

කොහිල සොසේජස් හදමු (Kohila Sausages Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොහිල සොසේජස් හදමු (Kohila Sausages Hadamu) කොහිල සොසේජස් හදමු (Kohila Sausages Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 28, 2022 Rating: 5

0 comments:

Post a Comment