ජ්‍යුල්මුන් කුඹල් යුගය (Jeulmun Pottery Age)

ජ්‍යුල්මුන් කුඹල් යුගය (Jeulmun Pottery Age) - Your Choice Way

ජ්‍යුල්මුන් කුඹල් යුගය යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 8000 – ක්‍රි.පූ. 1500 අතර කාලසීමාව පුරා පුළුල්ව පැතිර තිබූ කොරියානු ප්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යාත්මක යුගයකි. මෙම යුගයට කොරියාවේ මෙසෝලිතික සහ නියෝලිතික සංස්කෘතික අවධි ඇතුළත් වේ එහි දී පිළිවෙලින් ක්‍රි.පූ. 8000–ක්‍රි.පූ. 3500 ("ආරම්භක" සිට "මුල්කාලීන" අවධි දක්වා) සහ ක්‍රි.පූ. 3500–ක්‍රි.පූ. 1500 ("මධ්‍ය" සහ "පසුකාලීන" අවධි තෙක් පැතිර පැවතිණි. පැරණිතම මැටි බඳුන් හමු වීම නිසා මෙම යුගය "කොරියානු නියෝලිතික" නැමැති පුළුල් යුගයට ද ඇතුළත් කොට ඇත.

ජ්‍යුල්මුන් කුඹල් යුගය එනමින් නම් කිරීමට හේතුව මෙම යුගයට, විශේෂයෙන්ම ක්‍රි.පූ. 4000-2000 අතර කාලයට අයත් යැයි ස්ථිරව හඳුනාගෙන ඇති විසිතුරු මැටි බඳුන් විශාල ප්‍රමාණයක් හුමවී තිබීමයි. ජ්‍යුල්මුන් (හංගුල්: 즐문, හන්ජා: 櫛文) යන්නෙහි අරුත "පනා-රටා සහිත" යන්නයි. 1990 දශකයේ මැදි භාගයේ සිට ජ්‍යුල්මුන් යුගයේ බිම්වල පුරාවිද්‍යා කැනීම් කටයුතු සාර්ථකව සිදුවන හෙයින්, නැගෙනහිර ආසියාවේ ප්‍රාග්ඓතිහාසික යුගය පිළිබඳ දැනුම වැඩිදියුණු වී තිබේ.

ජ්‍යුල්මුන් යනු දඩයම්, රැස් කිරීම් සහ කුඩා පරිමාණයේ බෝග වගාවන්ගෙන් සමන්විත වූ යුගයක් විය. ඇතැම් අවස්ථාවල පුරාවිද්‍යාඥයින් විසින් මෙවැනි ආකාරයේ ජීවන රටාවක් "පුළුල්-ප්‍රේක්ෂාවලික දඩයම්-සහ-රැස් කිරීම්" ලෙස හඳුන්වනු ලබයි.

ආරම්භක ජ්‍යුල්මුන්....
ජ්‍යුල්මුන්හි සම්භවය එතරම් හොඳින් වටහාගෙන නැත. නමුත්, දියුණු-මැටි ආරේ යුංගිමුන් මැටි බඳුන් (හංගුල්: 융기문토기; හන්ජා: 隆起文土器) ජේජු-ඩෝ දූපතේ ගෝසන්-නි සහ උල්සන්හි වෙරළ තීරයේ උබොං-නි වැනි දකුණු දිග බිම්වලින් හමුවේ. ඇතැම් පුරාවිද්‍යාඥයින් විස්තර කරන්නේ මෙම කාල පරාසය "ආරම්භක ජ්‍යුල්මුන් යුගය" ලෙසයි. ඔවුහු ගෝසන්-නි මැටි බඳුන් 10,000 BP ලෙස දින නිර්ණය කරති.[2][7] මැටි බඳුන් සාම්පල කිහිපයක් විකිරණශීලී කාබන් කාලනිර්ණ පරීක්ෂාවට ලක්කොට ඇති අතර, ඉන් එක් දිනයක් ඉතා පැරණි දිනයක් (එනම්. 10,180±65 BP [AA-38105]) ලෙස තහවුරු කොටගෙන ඇති අතර, අනෙක් භාණ්ඩ ඊට වඩා පසුකාලයක නිර්මාණය වූ බැව් හඳුනාගෙන ඇත. ඉහත පැරණිතම දිනයන් සත්‍ය නම්, ගෝසන්නි වලින් හමුවූ යුංගිමුන් මැටි භාණ්ඩ මෙන්ම, මධ්‍යම සහ දකුණු චීනය, ජපන් දූපත් සමූහය, සහ රුසියානු ඈත පෙරදිග යන ප්‍රදේශවලින් හමුවූ මැටි බඳුන් සමූහය ලෝක ප්‍රාග්ඉතිහාසයේ පැරණිතම මැටි බඳුන් යැයි සැලකිය හැක. 

ක්‍රි.පූ. 3500) විශේෂ ලක්ෂණ ලෙස ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය, දඩයම් කිරීම සහ ආවාටමය නිවාස සහිත අර්ධ-ස්ථිර ජනාවාස හඳුනාගත හැක. මුල්කාලීන ජ්‍යුල්මුන් ජනාවාස සඳහා උදාහරණ ලෙස සෝපෝහං, අම්සා-දොං, සහ ඕසන්-රි දැක්විය හැක. උල්සන් සේජුක්-රි,දොංසම්-දොං, සහ ගා-ඩෝ දිවයින වැනි වෙරළාසන්න කවච නිධි සහිත ප්‍රදේශවලින් හමුවන විකිරණශීලී කාබන් දිනැයුම් සාක්ෂි අනුව පෙනීයන්නේ ඔවුන් කවච නිධි භාවිතා කොට ඇති බවයි. නමුත් බොහෝ පුරාවිද්‍යාඥයින් පවසන්නේ මෙම කවච ගොඩැලි පෙදෙස් මුල්කාලීන ජ්‍යුල්මුන් යුගයේ අවසන් කාලය වනතෙක් පෙනෙන්නට නොතිබූ බවයි.
මධ්‍ය ජ්‍යුල්මුන්...
චෝයි සහ බේල් ඇස්තමේන්තු කොට ඇත්තේ අවම වශයෙන් මධ්‍ය ජ්‍යුල්මුන් යුගයට අයත් (ක්‍රි.පූ. 3500 පමණ - ක්‍රි.පූ. 2000) ස්ථාන 14කින් පමණ බෝග වගාවට සාක්ෂි යැයි සැලකිය හැකි කාබනීකෘත ශාකමය ශේෂයන් සහ කෘෂිකාර්මික ශිලා මෙවලම් හමුවන බවයි. උදාහරණයක් ලෙස, ක්‍රෝෆර්ඩ් සහ ලී විසින් AMS දිනැයුම් තාක්ෂණය භාවිතයෙන් දොංසම්-දොං කවච නිධි ප්‍රදේශයෙන් හමුවූ ගෘහස්ථකෘත හිවල් වලිග මිලට් (Setaria italica ssp. italica) බීජයක් ඍජුවම මධ්‍ය ජ්‍යුල්මුන් යුගයට අයත් යැයි සලකා ඇත. මධ්‍ය ජ්‍යුල්මුන් කෘෂිකර්මාන්තයට උදාහරණ සපයන තවත් ස්ථානයක් ලෙස උතුරු කොරියාවේ ජිතම්-රි (චිතම්-නි) ප්‍රදේශය හඳුනාගත හැක. ජිතම්-රිහි ආවාට නිවාසයක් තුළ තිබී අඟුරු බවට පත් කිසියම් බෝගයක ග්‍රෑම් සියයක පමණ ස්කන්ධයක් හමුවී තිබේ. උතුරු කොරියානු පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේවා මිලට් බවයි. කෙසේනමුත්, සියලුම පුරාවිද්‍යාඥයින් මෙම ධාන්‍ය ගෘහස්ථකරණය කළ මිලට් ලෙස සලකන්නේ නැත. එයට හේතුව එය රැස්කොට ඇත්තේ අක්‍රමවත් ක්‍රමවේදයක් අනුව වීමයි. එසේම එහි කළු-සුදු ඡායාරූප පමණක් දක්නට ඇති අතර, මුල් සොයාගැනීම කොරියානු බසින් පමණක් ඇත. දැඩිව ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය, කවච මත්ස්‍යයින් රැස් කිරීම, සහ දඩයම මත රඳාපැවතුණු ඔවුන් කෘෂිකර්මාන්තයේ ප්‍රධානව නියැළෙන්නට ඇතැයි සිතිය නොහැක. "සම්භාව්‍ය ජ්‍යුල්මුන්" හෙවත් බිත්සල්මුනුයි මැටි භාණ්ඩ (හංගුල්: 빗살무늬토기) මුල්කාලීන ජ්‍යුල්මුන් යුගයේ අවසාන කාලයෙන් හමුවන අතර, ඒවායේ සම්පූර්ණ මතුපිට පෘෂ්ඨය පුරාම පනා-රටාවන්, රැහැන් එතුම්, සහ වෙනත් මෝස්තර දැකගත හැක. මධ්‍ය ජ්‍යුල්මුන් යුගයට අයත් මෙම මැටි බඳුන් කොරියාවේ බටහිර-මධ්‍යම ප්‍රදේශ සහ දකුණුදිග වෙරළ තීරයෙන් හමුවේ.

පසුකාලීන ජ්‍යුල්මුන්....
පසුකාලීන ජ්‍යුල්මුන් යුගයේ (ක්‍රි.පූ. 2000 පමණ - ක්‍රි.පූ. 1500) ජීවන රටාව කවච මත්ස්‍යයින්ගෙන් (බෙල්ලන් මත) යැපීම මත අඩුවෙන් රඳාපැවති බව පෙනේ. ජනාවාස රටාව සංචොන්-රි (බලන්න දේප්යොං) සහ ඉම්බුල්-රි වැනි අභ්‍යන්තර ජනාවාස ලෙස තහවුරු වන්නට විය. ලී යෝජනා කරන්නේ බෙල්ලන්ගේ ගහනය මත ඇතිවූ පාරිසරික බලපෑම සහ ජනයා ඇතුළු කණ්ඩායම් ලෙස සංවිධානය වීමෙ හේතුවෙන් ජනයා සිය ආහාර වගාකළ බෝග ආශ්‍රයෙන් සපුරා ගැනීමට නැඹුරු වූ බවයි. අභයන්තර ජනාවාසවල මෙම යැපුම් ක්‍රමවේදය ආරම්භක මුල්කාලීන මුමුන් කුඹල් යුගයේ (ක්‍රි.පූ‍. 1500-1250 පමණ) ක්‍රමවේදයෙන් වෙනස් නොවේ. එකල සෙසු යැපුම් ක්‍රමවලට අමතරව කුඩා පරිමාණයේ සල ගොවිතැන ද ක්‍රියාත්මක විය. පසුකාලීන ජ්‍යුල්මුන් යුගය දළ වශයෙන් චීනයේ ලියාඕනිංහි පහළ ෂියාජියාඩියාන් සංස්කෘතිය හා සමකාලීන යැයි සැලකිය හැක. පුරාවිද්‍යාඥයින් යෝජනා කරන්නේ උල්සන්හි සමකාලීන පාෂාණ කැටයම් වන බන්ගුදේ සහ චොන්ජොන්-රි කැටයම් ඵලක ද මෙම උප-යුගයට අයත් බවයි. නමුත් එය මතභේදයට තුඩු දී ඇති මාතෘකාවකි.

කිම් ජංසුක් යෝජනා කරන්නේ පසුකාලීන ජ්‍යුල්මුන් යුගයේ දඩයම්-රැස්කරන වගාකරුවන් ක්‍රමිකව සිය ජීවිකාව සල ගොවිතැන් ක්‍රමයකට පරිණාමය කරගත් බවත්, පසුව ඔවුන් දකුණු ප්‍රදේශය කරා මුමුන් හෙවත් විසිතුරු නොකළ (හංගුල්: 무문토기; හන්ජා: 無文土器) මැටි බඳුන් සමග සංක්‍රමණය වූ බවයි..........

..........උපුටාගැණීම විකිපීඩියා වෙතින්.........සොයන්න මේ පාරෙන් එන්න

ජ්‍යුල්මුන් කුඹල් යුගය (Jeulmun Pottery Age) - Your Choice Way

ජ්‍යුල්මුන් කුඹල් යුගය (Jeulmun Pottery Age) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment