වටැස්ස (නරි කැවුම්) Drosera Burmannii Sundews

වටැස්ස (නරි කැවුම්) Drosera Burmannii Sundews - Your Choice Way

අපවටා පිහිටා ඇති පරිසර පද්ධතිවල ජෛව විවිධත්වයේ අපූර්වත්වය අදහාගත නොහැකි තරම්මය. තවත් ජීවියෙකු භක්ෂණය කරමින් පෝෂනය වන ජීවින් සිහියට නැගෙත්ම අපට සිහිවන්නේ සත්ත්ව රාජධානියයි. නමුත් තවත් ජීවියෙකු භක්ෂණය කරමින් පෝෂණය වන අපූරු ජීව විශේෂයන් ශාක රාජධානියටද අයත් වේ. මෙහි දක්වා ඇත්තේ ශාක රාජධානියට අයත් කෘමි භක්ෂක අලංකාර ශාක විශේෂයකි.

මෙම ශාක විශේෂෙයේ හැඩය වටකුරු ස්භාවයක් ගන්නා නිසාවෙන් වටැස්ස යන නාමයෙන් සහ නරි කැවුම් යන නාමයන්ගෙන් හෙළ බසින් හඳුන්වයි.  Sundews යන නාමයෙන් ඉංග්‍රීසි භාෂාවෙන්ද හඳුන්වන අතර Drosera burmannii යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. මෙහි විද්‍යාත්මක වර්ගීකරනය සැලකීමේදී ශාක රාජධානියේ Caryophyllales ගෝත්‍රයේ roseraceae පවුලට අයත් Drosera ගණයේ D. burmanni විශේෂයට අයත්වේ.

මෙම ශාක විශේෂය ඇතුළුව දේශීය මාංශභක්ෂක ශාක විශේෂ 19ක් ලංකාව තුලින් වාර්තාවන අතර අනෙක් විශේෂ නම් Drosera ගණයටම අයත් කඳුලැස්ස(Drosera indica), අඩහඳැස්ස(Drosera lunata) සහ නිල්මොනරැස්ස අයත් වන Utricularia ශාක ගණයේ විශේෂ 15ක් සමගින් එකම බාඳුරා විශේෂය වන Nepenthes distillatoria යන ශාක විශේෂයන් වේ. 

බහුවාර්ෂික පැලෑටි විශේෂයක් වන වටැස්ස ශ්‍රීලංකාව තුල මෙන්ම ආසියාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය, අග්නිදිග ආසියාව, අප්‍රිකාව සහ චීනය යන රටවල් වල ව්‍යාප්තව ඇත. සෙන්ටිමීටර 2 (අඟල් 0.8 ) ක විෂ්කම්භයක ප්‍රමාණයට විහිදෙන මෙම වටැස්ස ශාකය කොළ සහ රතු පැහැයන්ගෙන් දැකිය හැකිවේ. වටකුරු ස්භාවයෙන් පොලොව මත පිහිටන ශාකයේ පත්‍ර මත සහ ශාකයේ විහිදී ඇති නටු කෙලවරේ ඇලෙන සුළු ජෙලි වැනි ඝන ද්‍රාවනයක් ඇත. ශාකය තුලට සහ ඒ අසලින් ගමන් ගන්නා කුඩා කෘමී සතුන් මෙම ජෙලි ස්භාවයෙන් යුත් ද්‍රාවනයේ ඇලේ. ඉන් ගැලවී යෑමට නොහැකි කෘමි සතුන් මිය යන අතර එම සතුන් ශාකය විසින් ජීර්ණය කර ශාකයට අවශ්‍ය නයිට්‍රජන් ඇතුළු පෝෂණ කොටස් උරා ගැනීම සිදුකරයි. ශාකය මැදින් අඟල් කීපයක් උසට වැඩෙන කුඩා නටුවක පෙති 5කින් සමන්විත සුදු පැහැති මල් හට ගන්නා අතර එම මල් පරාගනය වී හටගන්නා බීජවලන් ව්‍යාප්තිය සිදුවේ.

දේශීය වෙදකම සඳහා භාවිතා වන ඔසු පැලැටියක් ලෙස මෙම ශාක විශේෂය හඳුන්වන අතර මෙම පැලෑටි විශේෂයන් හටගන්නා පරිසර පද්ධති විනාශ වෙමින් පවතින නිසා මෙම පැලැටි විශේෂයේ පැවැත්මට තර්ජනයන්ද එල්ල වෙමින් පවතින අතර 2020 ජාතික රතු දත්ත ලැයිස්තුවට අනුව VU-Vulnerable අන්තරායට ලක්විය හැකි ශාඛ විශේෂයක් ලෙස වර්ග කර ඇත. දේශීය ශාක විශේෂයක් වන මෙම ශාක රැක ගැනීම අප සැමගේ පරම යුතුකමකි.....

උපුටාගැණීම නාවල කන්ද  facebook පිටුවෙනි ....දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment