Song Title : Dige Ada Wage (දීගේ අද වාගේ)
ගායනය : ත්රී සිස්ටර්ස්
පද රචනය : වර්නන් පෙරේරා
තනුව හා සංගීතය : මයික් ගුණසේකර
දීගේ අද වාගේ රබන් ගසන්නා
බැන්දා බරබාගේ නෑගම් යන්නා //
මුළු ගම කලඑළිය කෙරූ කළූ දීග ගියාලු
අපේ පාළු මකාලූ කළූ දීග ගියාලු //
පොර කර කර වද කර කර කීව නිසා ගියාදෝ
පහළ වෙලේ කවි කී හැටි තාම මතක තියේදෝ //
බලනා රන් මාලේ හැඩ වැඩ දමලා
බැන්දා කරකාරේ පෝරුවෙ නැඟලා //
මුළු ගම කලඑළිය කෙරූ කළූ දීග ගියාලු
අපේ පාළු මකාලු කළූ දීග ගියාලු //
අතුරු මිතුරු දඹදිවතුරු හාල් පතක් ගරාලා
අළුත ගෙනා මනමාලිට රහට බතක් උයාලා //
බලනා රන් මාලේ හැඩ වැඩ දමලා
බැන්දා කරකාරේ පෝරුවෙ නැඟලා //
මුළු ගම කලඑළිය කෙරූ කළූ දීග ගියාලු
අපේ පාළු මකාලු කළූ දීග ගියාලු /////
0 comments:
Post a Comment