✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🔸 මැකරෝනි කෝප්ප 2 ක්
- 🔸 කුඩා කොටු කපාගත් කැරට් අලයක්
- 🔸 කොටු කපාගත් මාලු මිරිස් හෝ බෙල් පෙපර් 2 ක්
- 🔸 කුඩාවට කපාගත් ලීක්ස් බඩ කැබැල්ලක්
- 🔸 කොටු කපා ගත් තක්කාලි ගෙඩි 2 ක්
- 🔸 ඔයාලට කැමති නම් පාස්ලි ටිකක්
- 🔸 සිහින්ව ලියාගත් සුදුලුනු බික් 2 ක්
- 🔸 සිහින්ව ලියාගත් ඉඟුරු පොඩි කැබැල්ලක්
- 🔸 කෑලි මිරිස් තේ හැඳි 1 ක්
- 🔸 ගම්මිරිස් කුඩු ටිකක්
- 🔸 ලුනු කුඩු ටිකක්
- 🔸 තෙල් ස්වල්පයක්
පැස්තා සෝස් එක සඳහා
- 🔸 බටර් මේස හැඳි 2 ක්
- 🔸 පාන් පිටි මේස හැඳි 2 ක්
- 🔸 ෆ්‍රෙශ් මිල්ක්/ පිටිකිරි කෝප්ප 2 ක්
- 🔸 තක්කාලි සෝස් මේස හැඳි 4 ක්
- 🔸 ගම්මිරිස් කුඩු ටිකක්
- 🔸 රස අනුව ලුනු
✅ සාදා ගන්නා ආකාරය :
- ✴️ උතුරන වතුරට මැකරෝනි ,ලුනු සහ තෙල් ස්වල්පයක් එකතු කර මැකරෝනි තම්බා ගන්න.
- ✴️ තම්බා ගත් මැකරෝනි සීතල වතුරෙන් සෝදා ගන්න.
- ✴️ දැන් භාජනයක් ලිප තබා තෙල් ටිකක් රත් කර එයට සුදු ලූනු සහ අමු ඉඟුරු එකතු කරන්න.
- ✴️ දැන් කපාගත් බීලූනු එකතු කර රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
- ✴️ ඊලඟට කපාගත් කැරට් ,ලීක්ස් ,මාලු මිරිස් සහ තක්කාලි එකතු කරන්න.
- ✴️ තිබෙනවා නම් පාස්ලි ටිකත් එකතු කරන්න.
- ✴️ කැලි මිරිස් ,ගම්මිරිස් කුඩු ,රස අනුව ලුනු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
- ✴️ විනාඩි දෙක තුනක් පිස ඉවතට ගන්න.
- ✴️ දැන් වෙනත් භාජනයක් ගෙන එයට බටර් මේස හැඳි 2 එකතු කරන්න.
- ✴️ එය දියවූ පසු පාන්පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
- ✴️ දැන් කිරි කෝප්ප 2 එකතු කර ටිකක් ඝනවන තුරු හොඳින් හැදි ගාන්න.(ගොඩාක් ඝන කර ගන්න එපා යන්තමින් ඝන උනාම ඇති)
- ✴️ එයට තක්කාලි සෝස් ,ගම්මිරිස් කුඩු සහ ලුනු කුඩු එකතු කර මිශ්‍ර කරන්න.
- ✴️ දැන් තෙම්පරාදු කරගත් එලවලු එකතු කර මිශ්‍ර කරන්න.
- ✴️ අවසානයට තම්බාගත් මැකරෝනි එකතු කර හොඳින් මිශ්‍ර කර විනාඩි දෙක තුනකින් ලිපෙන් ඉවතට ගන්න.(තෙත ගතිය ගොඩාක් නැති වනතුරු ලිපේ තබන්න එපා)
- ✴️ උණුසුම්ව රස විඳින්න.
සැකසුම : ® නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment