- ✴️ බත් කෝප්ප 3 ක්
- ✴️ සීනි කෝප්ප 1ක් + මේස හැඳි 2 ක් (මේස හැඳි 2 සීනි කැරමල් කරන්න ගන්න)
- ✴️ පොල් කෝප්ප 1ක්
- ✴️ පාන් පිටි හෝ හාල් පිටි මේස හැඳි 2ක්
- ✴️ එනසාල් කුඩු ස්වල්පයක්
- ✴️ ලුනු ස්වල්පයක්
- ✴️ වතුර කෝප්ප 1/4ක්
✅ සාදා ගන්නා ආකාරය :
- ✴️ මුලින්ම බත් සහ පොල් හොඳින් මිශ්‍ර කරන්න.
- ✴️ දැන් භාජනයක් ගෙන ලිප තබා සීනි මේස හැඳි 2ක් කැරමල් කර ගන්න.
- ✴️ සීනි ටික කැරමල් වූ පසු වතුර කෝප්ප කාල එකතු කරන්න.
- ✴️ ඉතිරි සීනි ටිකද එකතු කර සීනි දියවන තුරු හැඳි ගාමින් උනුකර ගන්න.
- ✴️ ලුනු ස්වල්පයක් එකතු කරන්න.
- ✴️ සීනි ටික උනු වෙද්දී මිශ්‍ර කරගත් බත් සහ පොල් එකතු කරන්න.
- ✴️ එනසාල් එකතු කර ගන්න.
- ✴️ දැන් අඩු ගින්දරේ නොනවත්වා හොඳින් හැඳි ගාන්න.
- ✴️ තෙත ගතිය අඩු වීගෙන එනවිට පාන් පිටි හෝ හාල් පිටි ටික එකතු කර හොඳින් හැඳි ගාන්න.
- ✴️ මිශ්‍රණය ගුලියක් ලෙස එකට එකතු වූ පසු තෙල් තවරාගත් තැටියක අතුරා ගන්න.
- ✴️ නිවුනු පසු කෑලි කපා ගන්න.ඉතාමත් රසවත් කෑමක් ,මීට පස්සෙ ඉතුරු වෙන බත් ඉවත දාන්න ඕන නැහැ. ඔයාලත් හදලා රස බලන්නකො ☕🍪🍌
ඔයාලට ප්‍රශ්න තියන නිසා ආයෙම ලියන්න හිතුවා
- ✴️ බත් වේලලා ගන්නෙ නැහැ ,කලින් දවසෙ උයල ඉතිරි උන බත් මම ගත්තෙ.
- ✴️ මම මේක හැදුවෙ කැකුලු බත් වලින්,මං හිතනවා කැකුලු බත්,සුදු බත් වඩා සුදුසුයි කියලා ,මොකද සම්බා වගේ බතකට පැනි උරා ගන්නවා අඩුයි.
- ✴️ ඊලඟට බත් බ්ලෙන්ඩ් කරන්නෙ නැහැ,පොල් සමග කලවම් කර ගන්නවා විතරයි.
- ✴️ කලින් දවසෙ ඉතුරු බත් නිසා ඔයාලට කැමති නම් බත් ටික සෝදල වතුර හොඳින් පෙරලා ගන්න පුළුවන්.
සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment