Song Title : Baluwe Nane (බැලුවෙ නෑනේ)
ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා
බැලුවෙ නෑනේ මාගේ දිහා
ඔබ හින්දා ප්‍රියේ දුක් වින්දේ මෙමා
බැලුවා සෙව්වා හඳුනා ගත්තා
අද වාගේ එදත් මා පෙම් කෙරුවා
බැලුවෙ නෑනේ මාගේ දිහා
ඔබ හින්දා ප්‍රියේ දුක් වින්දේ මෙමා
බැලුවා සෙව්වා හඳුනා ගත්තා
අද වාගේ එදත් මා පෙම් කෙරුවා
ගැහැනුන් ලෝකේ ස්ථර නෑ
චපලයි කුහකයි බොළඳ තමා
ප්‍රේම ලොවේ සොඳුරී මාගේ
කොමළයි වන දෙව්ලිය වාගේ
බැලුවේ නෑනේ
පායන්නේ පුන් සඳ අහසේ
බැස යන්නේ දිය ඇළි වනයේ
කොමළ නිසයි සොඳුරී මාගේ
ඔබ රූ රැජිණයි පෙම් ලෝකේ
බැලුවේ නෑනේ
පන මෙන් මම ඔබ රැකගන්නෙමි
මල් නෙලලා ගෙල සරසන්නෙමි
ආලෙන් ජීවිත සැනසේවා
ඔබගේ පෙම මට හිමි වේවා
බැලුවේ නෑනේ
0 comments:
Post a Comment