Ape Jivithe Me Maha Sagare Song Lyrics - අපේ ජීවිත මේ මහ සාගරේ ගීතයේ පද පෙළ

Ape Jivithe Me Maha Sagare Song Lyrics - අපේ ජීවිත මේ මහ සාගරේ ගීතයේ පද පෙළ
Song Title : Ape Jivithe Me Maha Sagare (අපේ ජීවිත මේ මහ සාගරේ)
ගායනය : එච්.ආර්.‍ ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා


අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ

රෑට කෑවාම පිටවීලා මුහුදේ ගොසින්
ආයෙ එන්නේ මහ දාවලයේ වෙහෙසී දුකින්
ලෝකෙ මුහුදයි අපේ මාළු බෑමයි සැපේ
අපි ලබා උපන් හැටී

අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ

ඈත ළඟ පාත දැළ දාල බිලිබානවා
ඒව විකුණා මුදල් ගන්න අපි ගේනවා
කන්නෙ මාළුයි බතුයි
ඉන්නෙ වෙරළේ පැලෙයි
අපි ලබා උපන් හැටී

ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ
අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment