වෙරළු කිරි හදමු (Veralu Kiri Hadamu)

වෙරළු කිරි හදමු (Veralu Kiri Hadamu) - Your Choice Way

ඔන්න අද මං ඔයාලට වෙරළු බීම එකක් අරන් ආවා. මේ දවස්වල ඔයාලගෙ නිවෙස්වල ත් ඉදුණු වෙරළු ඇති . හදලා බලන්න මේ තරම් රසවත් බීමක් කවදාවත් බීලා නෑ කියලා හිතෙයි 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍂 හොඳින් ඉදුණු වෙරළු ගෙඩි 50 ක් පමණ
  • 🍂 සීනි
  • 🍂 ලුණු ස්වල්පයක්
  • 🍂 මිටිකිරි කෝප්ප 1 1/2 ක් පමණ

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍂 ඉදුණු වෙරළු සෝදා කුඩා පිහියකින් මද සූරා ගන්න , වෙරළු ගොඩාක් ඉදිලා වැඩි නම් පිරිසිදු ලී වංගෙඩියක දමා කොටා ඇට ඉවත් කර ගන්න.
  2. 🍂 සූරා ගත් වෙරළු මද , අවශ්‍ය පමණ සීනි, ලුණු ස්වල්පයක් සහ පොල්කිරි ටික ටික එකතු කරමින් බ්ලෙන්ඩ් කර ගන්න.බ්ලෙන්ඩ පාවිච්චි කරන්නෙ නැති අය පිරිසිදු ලී වංගෙඩියක කොටා ගන්න.
  3. 🍂 මිශ්‍රණය උකු වැඩි නම් වතුර එකතු කරන්න.
  4. 🍂 රස බලා සීනි,ලුණු ආදිය එකතු කර ශීතකරණයේ තබා බීමට ගන්න.
ඔයාලත් හදලා රස කියන්නකෝ 😍සැකසුම :© නදීෂා ගමගේ ..

හෙළයේ රස මිහිර
වෙරළු කිරි හදමු (Veralu Kiri Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment