Song Title : Somnas Wuna Hade (සොම්නස් වුණා හදේ)
ගායනය : ලතා වල්පොල
පද : හර්බට් ඇම්. සෙනෙවිරත්න
තනුව : ආර්. මුත්තුසාමි
1957 දී තිරගත වූ සිරියලතා චිත්‍රපටියේ ගීයකි.මෙහි මුල් ගායනය රුක්මනී දේවි (ගීය සොයා ගැනීමට නැත.)
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ //
සම්පත් ළඟාවේවි නාමි ප්‍රේම සාගරේ //
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ
සීන කුසුම් පිපී හදේ ප්‍රීති ජීවිතේ මගේ
ප්‍රීති ජීවිතේ මගේ //
එහි පෙම් පැණි උරා බොන බඹරා වගේ //
එනු එනුකෝ, පෙම් කුමරෝ
එනු එනුකෝ, පෙම් කුමරෝ සුර සැපතා ළඟ තිබේ
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ //
සම්පත් ළඟාවේවි නාමි ප්‍රේම සාගරේ //
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ
කිසි දුකක් නැතේ මගේ මේ සුන්දර ලෝකයේ
මේ සුන්දර ලෝකයේ //
මම ඔබ ළඟ තමා සුභ දිනකින් ප්‍රියේ //
නැළවෙමුකෝ, පෙම් කුමරෝ
නැළවෙමුකෝ, පෙම් කුමරෝ මේ යෞවන කාලයේ
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ //
සම්පත් ළඟාවේවි නාමි ප්‍රේම සාගරේ //
සොම්නස් වුණා හදේ අමරණීය ආදරේ
0 comments:
Post a Comment