Sihina Pathum Vimane Song Lyrics - සිහින පැතුම් විමනේ ගීතයේ පද පෙළ

Sihina Pathum Vimane Song Lyrics - සිහින පැතුම් විමනේ ගීතයේ පද පෙළ
Song Title : Sihina Pathum Vimane (සිහින පැතුම් විමනේ)
ගායනය : ඇනස්ලි මාලේවන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


සිහින පැතුම් විමනේ
රස මිහිර ‍ගෙනා පුතුනේ
නැලවී නැලවී හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ //

දෑසයි කුඩා ඔබගේ
ලපටි දෙතොල් පුතුනේ
කාගෙයි කියා සිතුවේ
මුහුණයි රුවයි ඔබගේ
පැහැයයි හැඩයි පුතුනේ
මාගෙන් නොවෑ ලැබුණේ

සිහින පැතුම් විමනේ
රස මිහිර ‍ගෙනා පුතුනේ
නැලවී නැලවී හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ

මා මෙන් ඔබත් පුතුනේ
මිනිසෙක් වෙලා දෙරණේ
රට දැය කෙරේ බැඳිලා
මව්බිම ඔබෙයි සිතලා
පණ මෙන් ඔබේ රැකලා
දිරිගත යුතුයි පුතුනේ

සිහින පැතුම් විමනේ
රස මිහිර ‍ගෙනා පුතුනේ
නැලවී නැලවී හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment