Song Title : Sakwithi Rajekuta (සක්විති රජෙකුට)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
සක්විති රජෙකුට අත් දෙක දෙන්නයි
මවුපියො මා හැදුවේ
වික්මැති පෙම්වත සිත් තුල ඒ බැව්
රඳවා ගත යුතු වේ //
ඝණ රන් තලියක
දිව භෝජන රස
නැතුවට කමක් නැතී //
සෙනෙහස උතුරන
හෙවනක ගත කොට
මට ලුණු මිරිස ඇතී
සක්විති රජෙකුට අත් දෙක දෙන්නයි
මවුපියො මා හැදුවේ
වික්මැති පෙම්වත සිත් තුල ඒ බැව්
රඳවා ගත යුතු වේ
සරණය නම් ඒ
සිදුවීමක් නොව
දෙදෙනෙකු එක්ව බැඳි //
මරණය දක්වා නොබිඳී මග දිග
යන ගමනක්ය අපි
සක්විති රජෙකුට අත් දෙක දෙන්නයි
මවුපියො මා හැදුවේ
වික්මැති පෙම්වත සිත් තුල ඒ බැව්
රඳවා ගත යුතු වේ //
0 comments:
Post a Comment