Pun Sanda Eliyayi Song Lyrics - පුන් සඳ එළියයි ගීතයේ පද පෙළ

Pun Sanda Eliyayi Song Lyrics - පුන් සඳ එළියයි ගීතයේ පද පෙළ
Song Title : Pun Sanda Eliyayi (පුන් සඳ එළියයි)
ගායනය : ලතා වල්පොල සහ පිරිස
පද : අරිසෙන් අහුබුදු
තනුව : සුනිල් සාන්ත
සංගීතය : ආර්. මුත්තුසාමි
1960 දී තිරගතවූ "සංදේශය" චිත්‍රපටියේ ගීයකි.


පුන් සඳ එළියයි ලෙල මඳ සුළඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයාගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි //

සඳ රැස් සිඹ සිඹ සැනසෙන පිරිසිදු සුදු වැලි පියවිල්ලයි
ලලයි ලයි සුදු වැලි පියවිල්ලයි

රන්තරු වැල් වැල් අතරින් දිළිසෙන පුළුන් වලා වියනයි
නනයි නයි පුළුන් වලා වියනයි

පුන් සඳ එළියයි ලෙල මඳ සුළඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයාගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි

සිය මනමාලිට කොහා තුරුල් වී කොහෝ කොහෝ හඬලයි
ලලයි ලයි කොහෝ කොහෝ හඬලයි

මී අඹ ලඹ දෙන කොළ යහනේ යුවල නිදා ගනිතෙයි
තෙතෙයි තෙයි යුවල නිදා ගනිතෙයි

පුන් සඳ එළියයි ලෙල මඳ සුළඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයාගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment