Song Title : Pinna Mal Pipi (පින්න මල් පිපී)
ගායනය : අමිතා වැදිසිංහ
පද රචනය : දෙල්තොට චන්ද්‍රපාල
තනුව : වික්ටර් දළුගම
පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි
පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි
ලන්ද කොනේ වෙල අයිනේ
කැන්ද ගහේ ගහ මුදුනේ //
සිංදු කියන කුරුලු රෑන ගම නළවනවා
ගම නළවනවා
පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි
පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි
බිංදු බිංදු රන් පිණි මුතු
පුංචි පුංචි කරල් සැදී //
ගොයම් ගසේ අග ඇමිණී සුළඟෙ නටනවා
සුළඟෙ නටනවා
සිංදු සිංදු හතර අතේ
වෙල් එළියම එක ගීයයි //
රැන්ඳුනු සිනහා මැද්දෙන් ගම නැළවෙනවා
ගම නැළවෙනවා
පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි
පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි
පින්න මල් පිපී
0 comments:
Post a Comment