✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🔸 පාන්පිටි කෝප්ප 2 ක්
- 🔸 මෙල්ටඩ් බටර් හෝ රත් කරගත් තෙල් මේස හැඳි 2 ක්
- 🔸 සිහින්ව කපාගත් ලීක්ස් කොල ටිකක් හෝ කොත්තමල්ලි කොල ටිකක්
- 🔸 රස අනුව ලුනු
- 🔸 වතුර කෝප්ප 2 1/4 ක්
- 🔸 බටර් ස්වල්පයක්
✅ සාදා ගන්නා ආකාරය :
- 🔶 පිටි සහ ලුනු හොඳින් මිශ්‍ර කරන්න .
- 🔶 වතුර ටික ටික එකතු කරමින් විස්ක් එකක් ආදාරයෙන් පිටි කැටි නැති වන තුරු මිශ්‍ර කරන්න.
- 🔶 එයට මෙල්ටඩ් බටර් හෝ රත් කරගත් තෙල් එකතු කර මිශ්‍ර කරන්න.
- 🔶 දැන් කුඩාවට කපාගත් කොත්තමල්ලි කොල හෝ ලීක්ස් ටික එකතු කර මිශ්‍ර කර ගන්න.
- 🔶 දැන් නන්ස්ටික් පෑන් එකක් රත් කර පිටි මිශ්‍රණයෙන් හැන්ඳක් දමා , හැන්දෙන් රවුමට සකස් කර ගන්න.
- 🔶 රන්වන් පැහැ වනතුරු දෙපැත්ත දමා පුලුස්සා ගන්න.
- 🔶 අවසානයට පෑන් එකට බටර් ටිකක් දමා රත් කර සාදා ගත් පරාටා එක බැගින් ඒ මත දමා දෙපැත්ත යාන්තම් පුලුස්සා ගන්න.
❤ ඔයාලා කැමති කරි එකක් සමග රස විඳින්න පුලුවන් ❤ එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 💕💕 සැකසුම : © නදීෂා ගමගේ ..
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment