Song Title : Nilmini Sangi Pawe (නිල්මිණි සැංගී පාවේ)
ගායනය : ලතා වල්පොල
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය : සරත් දසනායක
උන්නත් දාහයි මළත් දාහයි චිත්‍රපටියෙන්
නිල්මිණි සැංගී පාවේ
චංචල ගංගාවේ //
ඉවුරේ රැව්දේ මධුර මනෝහර
විවිධ විහඟ වීණා
නිල්මිණි සැංගී පාවේ
චංචල ගංගාවේ //
කන්දෙන් බිහි වී නිල්වන් රළ පෙළ නංවාලා
ඉන්නා ඩිංගේ සතුටින් ඉන්නට පෙන්නාලා //
ඉනු සැනසිල්ලේ ලා තණ කෙල්ලේ
වනන්තරේ රං ඔංචිල්ලේ
නිල්මිණි සැංගී පාවේ
චංචල ගංගාවේ //
ඉවුරේ රැව්දේ මධුර මනෝහර
විවිධ විහඟ වීණා
නිල්මිණි සැංගී පාවේ
චංචල ගංගාවේ //
පෙම්බර සුහදා හා එක්වීලා ගුම් දීලා
සැනසී පෑහී සිතු සේ රඟනා රොන් බීලා //
සතුට තුරුල්ලේ ඉන්න නිදැල්ලේ
මටත් කියාපන් සියුමැල්ලේ
නිල්මිණි සැංගී පාවේ
චංචල ගංගාවේ //
ඉවුරේ රැව්දේ මධුර මනෝහර
විවිධ විහඟ වීණා
නිල්මිණි සැංගී පාවේ
චංචල ගංගාවේ //
0 comments:
Post a Comment