මිල්ක් පුඩිං හදමු (Milk Pudin Hadamu)

මිල්ක් පුඩිං හදමු (Milk Pudin Hadamu) - Your Choice Way

ඉක්මනින් හා පහසුවෙන් අඩු වියදමකින් හදා ගන්න පුලුවන් රසම රස පුඩිං එකක් හදන විදිය තමයි මං අද ඔයාලට කියලා දෙන්න යන්නෙ. හදිසියෙන් නිවසට අමුත්තෙක් ආපු වෙලාවක උනත් ඔයාලට මේ පුඩිං එක ඉක්මනින් හදාගෙන පිලි ගන්වන්න පුළුවන් 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

පුඩිං එක සඳහා
  • 🎈 පාන් පිටි කෝප්ප 1/2 ක්
  • 🎈 බටර් 70g ක්
  • 🎈 කිරි කෝප්ප 2 1/2 ක්
  • 🎈 සීනි කෝප්ප  1/2 ක්
  • 🎈රෝස් එසන්ස් තේ හැඳි 1 ක්
  • 🎈 ලුනු පිංචක්

කැරමල් එක සඳහා
  • 🎈 කෝන්ෆ්ලාර්  මේස හැඳි 1 ක්
  • 🎈 වතුර කෝප්ප  1/2 ක්
  • 🎈 සීනි කෝප්ප 1/2 ක්
  • 🎈 වතුර මේස හැඳි 4 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ⭕ පෑන් එකක් ගෙන එයට බටර් දමා රත් කරන්න.
  2. ⭕ බටර් දිය වූ පසු පාන් පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  3. ⭕ ටික වේලාවක් හැදි ගාමින් පිස ගන්න.
  4. ⭕ පසුව කිරි කෝප්ප 2 1/2 එකතු කර හොඳින් පිටි ටික දිය කර ගන්න.
  5. ⭕ කිරි ටික ඝන වන විට විස්ක් එකක් පාවිච් කරන්න. එවිට කැටි ඇති වෙන්නෙ නෑ.
  6. ⭕ ඝන වන විට සීනි සහ ලුනු එකතු කරන්න.
  7. ⭕ රෝස් එසන්ස් හැන්ඳක් ද එකතු කර විනාඩි 7,8 ක් හැඳි ගාමින් පිස ගන්න.
  8. ⭕ මිශ්‍රණය අවශ්‍ය පමණ ඝන වූ පසු පුඩිං බෝල් එකට දමා තුනී කර ගන්න. පුඩිං දමන්න පෙර බෝල්  එකට අයිස් වතුර ටිකක් දමා සෝදා ඉවත් කරන්න .එවිට පුඩිං එක ගලවන්න පහසු වෙනවා.
  9. ⭕ ඊලඟට අපි කැරමල් එක හදා ගමු.මුලින්ම කෝන්ෆ්ලාර් වලට වතුර එකතු කර හොඳින් දිය කර පසෙකින් තබන්න.
  10. ⭕ දැන්  පෑන් එකක් ලිප තබා සීනි කෝප්ප 1/2 දමා මද ගින්දරේ රත් කරන්න .හැඳි ගාන්න අවශ්‍ය නැහැ.
  11. ⭕ සීනි දියවී රන්වන් පැහැයට හැරුන පසු වතුර මේස හැඳි 4 එකතු කරමින් හැඳි ගාන්න.
  12. ⭕ එය හොඳින් මිශ්‍ර වූ පසු දියකර ගත් කෝන්ෆ්ලාර් එකතු කරන්න.
  13. ⭕ ටිකක් ඝන වනතුරු හැඳි ගාන්න.
  14. ⭕ කැරමල් මිශ්‍රණය මැදින් හැන්ද ඉස්සරහට ඇදලා බලන්න මිශ්‍රණය නැවත ඉක්මනින් එකතු වෙන්නෙ නැත්නම් පදම හරි. ඉක්මනින් එකතු වෙනවා නම් තව ටික වෙලාවක් හැදි ගාන්න. (දියේ ඉරක් අඳිනවා කියන්නේ අන්න ඒ විදියට බලන්න ඕන ඔයාලට තේරෙනවා ඇති කියලා හිතනවා)
  15. ⭕ කැරමල් එක ඝන වී හරි පදම ආවිට ලිපෙන් ඉවතට ගෙන සකස් කර ගත් පුඩිං එක මතට වත් කර ගන්න.
  16. ⭕ නිවුනු පසු ශීතකරණයේ පැය 2ක් පමණ තබා සිසිල් වූ පසු රස විඳින්න පුලුවන්.
  17. ⭕ ඔයාලට කැමති නම් කජු, වියලි මිදී ආදිය උඩින් දාලා සරසා ගන්න පුලුවන්.

හෙළයේ රස මිහිර
මිල්ක් පුඩිං හදමු (Milk Pudin Hadamu) - Your Choice Way

මිල්ක් පුඩිං හදමු (Milk Pudin Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment