Song Title : Maligawe Ma Rajini (මාලිගාවේ මා රැජිණී)
ගායනය : සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා)
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : එම්. කේ. රොක්සාමි
1962 දී තිරගතවූ "ත්‍යායයි කතා තනයන්" නම් ද්‍රවිඪ සිනමා කෘතියේ එන "කාට්ටුරාණී කොට්ටයිලේ" ගීයේ තනුවට, " ධිවරයෝ " චිත්‍රපටිය වෙනුවෙන් නිර්මානය වූ ගීයකි.
මාලිගාවේ මා රැජිණී
මූද යහනවේ
නෑ නෑ දොරගුලු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ //
හා අආ ආ... හා ආ හා ආ ආ...
ඈත මෑත සීතල සුළඟයි
අහසෙ නිල් වලා පාවෙයි
චන්ද්‍ර රාණි කාන්ති බැබලෙයි
රන්තරු රඟයි //
මාලිගාවේ මා රැජිණී
මූද යහනවේ
නෑ නෑ දොරගුලු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ //
හා අආ ආ... හා ආ හා ආ ආ...
ඝෝර චණ්ඩ මිනිසුන් ඇසුරේ
වේය අවහිරේ
මා තනිවම මේ කරදියරේ
මවමි සුර පුරේ
රන් විමානෙ මේ ඔරුවේ
සොම්නසේ සුවේ //
සෑම කල්හි විඳිමී සුවසේ
සෝක දුක් නොවේ
මාලිගාවේ මා රැජිණී
මූද යහනවේ
නෑ නෑ දොරගුලු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ //
හා අආ ආ... හා ආ හා ආ ආ...
සාමදානෙ සම්පත විඳිමී
මල් පිපෙයි හිසේ
ලෝකයෙ පීඩාවන් දුරුවේ
තේරුණා රසේ
මූදු වැල්ලෙ රැල්ල පෙරළී
ගී ගයා ආ වෙලේ //
මාගෙ සීන මෝරා මෝරා ඒවි සීතලේ
මාලිගාවේ මා රැජිණී
මූද යහනවේ
නෑ නෑ දොරගුලු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ //
හා අආ ආ... හා ආ හා ආ ආ... ///
0 comments:
Post a Comment