Hiru Milina Wi Song Lyrics - හිරු මිලින වී ගීතයේ පද පෙළ

Hiru Milina Wi Song Lyrics - හිරු මිලින වී ගීතයේ පද පෙළ
Song Title : Hiru Milina Wi (හිරු මිලින වී)
ගායනය : රෝයි පීරිස්
සංගීතය : රෝයි පීරිස්
ගී පද : රෝයි පීරිස්


හිරු මිලින වී සඳු මිලින වී
බ මා තනිකර වෙන් වූ දිනේ
දිවිමග තනි ඔබ නිසල ඇයි
එක්වන්න ළං වී යළි පා සෙනේ

පාසල නිමා වී අප ආ මගේ
තණ පියස වියලී මැලවී තියේ
ඒ මාවතේ අතු ඉති වැඩී
අද ඇහිරිලා නෑ පෙර ලෙසින්
නිමවන්න නම් මේ ලෙසින්
කිම වරද වූ මා අතින්

හිරු මිලින වී සඳු මිලින වී
ඔබ මා තනිකර වෙන් වූ දිනේ
දිවිමග තනි ඔබ නිසල ඇයි
එක්වන්න ළං වී යළි පා සෙනේ

ඔබ මට මිමිනූ වදන් පෙම් වැකි
මේ පාළු යාමේ සෙමින් යයි මැකී
ඒ වේදනා හද පාරනා
පිරිසිදු වුවත් මගෙ චේතනා
රිදවන්නෙ ඇයි මේ ලෙසින්
කිම වරද වූ මා අතින්

හිරු මිලින වී සඳු මිලින වී
ඔබ මා තනිකර වෙන් වූ දිනේ
දිවිමග තනි ඔබ නිසල ඇයි
එක්වන්න ළං වී යළි පා සෙනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment