ඔෆිස් එකේ වැඩ කරන අය ගෙදර ගියාට පස්සෙ ඉතුරු උනේ මායි බොසුයි සෙකියුරිටි එකේ වැඩ කරන මල්ලිල දෙන්නයි විතරයි.වෙලාව යනව දැනුනෙත් නෑ.මම පෙන් ඩ්‍රයිව් එකට දාපු ප්‍රොජෙක්ට් එක අරන් ගිහින් බොස්ගෙ කැබින් එකට තට්ටු
කරා.. ටොක් ටොක් ටොක්... " එක්ස්කියුස්මී සර්.. " " ආ චතුරංග කම් කම්.. මට පොඩ්ඩක් ඇහැ පියවුනා.මොකද වැඩේ.. " "ඩන් සර්.. " " වෙරි ගුඩ් චතුරංග.ඔයාල වගේ කැපවීමෙන් වැඩ කරන අය තමයි මේ ආයතනෙට ඕනෙ.මේ පාර සැලරි එකට අමතරව මම ඔයාට සලකනව.තෑන්ක්ස් අගේන්.පරෙස්සමට ගෙදර යන්න.ගුඩ් නයිට් !" "ගුඩ් නයිට් සර්.."
කරා.. ටොක් ටොක් ටොක්... " එක්ස්කියුස්මී සර්.. " " ආ චතුරංග කම් කම්.. මට පොඩ්ඩක් ඇහැ පියවුනා.මොකද වැඩේ.. " "ඩන් සර්.. " " වෙරි ගුඩ් චතුරංග.ඔයාල වගේ කැපවීමෙන් වැඩ කරන අය තමයි මේ ආයතනෙට ඕනෙ.මේ පාර සැලරි එකට අමතරව මම ඔයාට සලකනව.තෑන්ක්ස් අගේන්.පරෙස්සමට ගෙදර යන්න.ගුඩ් නයිට් !" "ගුඩ් නයිට් සර්.."
මම වාහනයට ගොඩ උනේ නිදාගන්නෙ කොයි වෙලාවෙද කියල හිත හිත.ගොඩක් නිදිමත දැනුනත් ගෙදර යන්න ඕනෙනෙ. ස්ස්ස්... කුමරියක පා සලඹ ස්ස්ස්.. සැඳෑ අඳුර ලොව.. ස්ස්ස් තොටුපොල අයිනේ... ස්ස්ස් ගීතය රචනා කලේ ශිට් මේ වෙලාවට ස්ලෝ සිංදු අහන්න බෑ.. නිදිමත යන්න මොකද කරන්නේ... දැඩි නිදිමත නිසා මා වාහනය පාර අයිනට කර නවතා දැමුවෙමි.සාක්කුවෙන් දුම් වැටියක් ගෙන එලියට බැස එය දල්වාගෙන දුම් පහර ආකාසය දෙසය පිම්බෙමි.චඃ.. හඳේ ලස්සන.හඳ එලියට පරිසරය ඉතා අලංකාරය.මා ඒ සුන්දරත්වයට දැඩි ලෙස ආශා කලෙමි.තවත් දුම් පහරක් ඇද ආකාශය දෙසට යොමු කරනවාත් සමඟම ආකාශයේ ගිනිකොන දෙසින් නැගුන දෑස් නිලංකාර කරවන ආලෝකයක් සමඟින් යම්කිසි වස්තුවක් වයඹ දෙසට ගමන් කලේය.මොන මගුලක්ද යකෝ.. මම දුම්වැටිය විසිකර දමා වාහනයට ගොඩවී රථය පනගන්වනවා ආලෝකය සොයා පන්නා යෑමට සූදානම් වනවාත් සමගම ආලෝකය මා පසුකර ආපස්සට ගමන් කලේ පෙර පරිදිම වේගයෙන්.මේ මහ පොලවෙ තියන කිසිම යානෙකට ඒ තරම් වේගයක් තිබෙන්නට ඇති නොහැකියාව ඉතා දැඩිය.ඒ කුමක්දැයි සෙවීමේ කුකුස මා තුල දැඩිවත්ම මාගේ කාර රථය කවදාවත් නොමැතිව එන්ජිම ක්‍රියා විරහිත විය.පෙට්‍රල් දර්ශකයට අනුව ටැංකියේ බාගයකට කිට්ටු වෙන ප්‍රමාණයක් පෙට්‍රල් තියෙන වග පෙන්නුම් කලද වාහනය පනගැන්වීමට නොහැකි බව මට තේරුම් ගියේය.ඒ අතර රේඩියෝවේ මීටර් ඒ මේ අත අහුවෙමින් විකාර ශබ්ද මවන්නට වූ අතර තරහින් රේඩියෝවද නිවා දැමුවෙමි.මේ අතරතුර හෙඩ් ලයිට් වල ආලෝකයද ස්ථාවර නොමැතිව ගැහෙන්නට වූයේ මා තවත් අසරණ කරමින්.දෙයියනේ මේ මොකද වෙන්නෙ.මම මටම කියාගත්තෙමි.නැවතත් අර ආලෝකය වාහනය දෙසට ලංවන බව පසුපස බලන කණ්නාඩියෙන් දකින විට මට සියල්ල පැහැදිලි විය. අර අද්භූත ආලෝකය වනාහි පියාඹන පීරිසියකි.එය දැන් මා පස්සේ වැටී ඇති සෙයකි.කෙසේ හෝ රථය පණගන්වා ගත යුතුය.
මේ අතර වාහනයේ වීදුරුවට කිසියම් අයෙක් තට්ටු කරනවා ඇසීමෙන් මම බිරන්තට්ටු වී ගියෙමි.සෙමින් වීදුරුව ලාවට මඳක් පහත් කලේ එලියේ සිටි පුද්ගලයා කතා කලේ සෙමින් නිසා. මහලු පුද්ගලයෙක් වීදුරුව තෙක් පහත් වී කතාකරන්නට විය.පුතේ මාවත් දාන් යන්න පුලුවන්ද.. යකෝ මේ ජවුසං අස්සෙ තවත් මරාලයක්.වාහනේ ස්ටාට් වෙන්නෙ නෑ අංකල් මම ටිකක් තදින් කීවෙමි.පුතා මම කියනවට එක පාරක් සැර දාල බලන්න.බැරි උනොත් මම තල්ලු කරන්නම්.ඕන් අංකල් නෑ.ක්‍රීස් බෘම්... මෙතෙක් වෙලා වද දුන් වාහනේ මෙන්න ස්ටාට්.. නගින්න අංකල්.මම ඒ පිම්මෙන් ආගන්තුකයත් කැටුව හැකි තරම් වේගයෙන් පදවන්නට විය.මාර්ගය වංගු රහිත වූයෙන් හැකි ඉහලම වේගයකින් රිය පදවාගෙන ගියේ පසුපසින් එන අභ්‍යාවකාශ යානය මඟ හැරීමටයි.වාහනයට ගොඩවූ ආගන්තුකයා පිළිබඳව ව්මසීමටවත් අවස්ථාවක් නොවූයේ පියාඹන වස්තුව නිසා ඇතිවූ නොසන්සුන් තාවය නිසාය.කෙසේ හෝ වැඩිදුරක් යාමට මත්තෙන් එම යානය අප පසුකර වේගයෙන් ගොස් අප ගමන් කරන පාරට ආසන්නයේ ඉහල අහසේ ලැගුම්ගෙන තිබෙනු පෙනෙන්නට විය.සිදුවන දෙයක් සිදුවන්නට හැර මා පැමිණි වේගයෙන්ම මාර්ගයේ ඉදිරියට පැදෙවුවෙමි.මා බලාපොරොත්තු වූයේ අභ්‍යාවකාශ යානය පසුකර යාමට වුවද සිදුවූයේ අනෙකකි.එකවරම යානයෙන් පහලට යොමු වූයේ නිල් පැහැති ආලෝක ධාරාවකි.යානය ලංවත්ම මට දැනුනේ වාහනය ඉහලට එසවෙන බවකි.ඒ හා සමඟම මා නිද්‍රාවට පත් වන බවකි.
සිහිය එන විට මා සිටියේ ඇඳක් යැයි සිතිය හැකි සමතල පෘෂ්ඨයක් මතය.නැගිටීමට කොතෙක් උත්සහ කලද සොලවාගත හැකිවූයේ අතැගිලි හා ඇස් පමණකි.උඩුබැලි අතට දිගාකර සිටි නිසා කිසිත් කරකියාගත නොහැකි වූ අතරම සිරුර නග්න යැයි දැනෙන්නට විය.කෙසේ හෝ ඇස් එහා මෙහා කරන විට දුටුවේ මුහුනෙහි දෙකොපුල් වලට ඉඳිකටු වැනි තුඩු විශාල ප්‍රමාණයක් සම්බන්ධ කර ඇති බවයි.ඒ ඉඳිකටු නල මගින් සම්බන්ධ වී ඇති අතරම නල ඇතුලට කොල පැහැයට හුරු යම් ද්‍රව්‍යයක් මා හට එන්නත් කරන වගත් ඒ මඟින් සිරුරේ මෙම අඩපණ ගතිය දැනෙන්නේ යැයිද දහසකුත් එකක් සිතුවිලි අතර අසරණ වී සිටියෙමි.කෙසේ හෝ මට රහසේ කතාකරන හඬක් කන වැකෙන්නට විය. "පුතා , පුතා" යන්න ඉතා ලඟින් ඇසෙන්නට වූ බැවින් ඉතා අපහසුවෙන් ඇස් හරවා බැලූ කල මට පෙනුනේ මාගේ වාහනයට ගොඩවුනු මහලු පුද්ගලයා එතනට පැමිණි බවයි.පුතා වැඩි වෙලාවක් නෑ.මම හීං අප්පො.පුතාගෙ කිරිඅම්ම දන්නව මම ගැන අහල බලන්න.මේ රත්තරං සුරේ පුතාගෙ අතින් අල්ලන් ඇස්දෙක පියාගෙන එක හිතින් හිතන්න මාව මේ කරදරයෙන් මුදවාගන්න කියල.මගෙ අතැඟිලිවල ගැටුනේ සීතල යමකි.වෙවුලන දෑතින් මා එය ග්‍රහණය කරගන්නා ගමන් එක සිතින් සිතුවෙමි "අනේ මාව මේ කරදරයෙන් මුදවාගන්න..."
"අඩෝ බැජිය අන්න උඹට බොස් කැබින් එකට අඬගැහුව.එකත් එකටම පෝරියල් එකක් තමයි." මා මේ දකින්නෙ සිහිනයක්ද සැබෑවක්දැයි සිතාගැනීමට නොහැකි විය.බොස්ගේ කැබින් එකට යාමට මත්තෙන් මම දකුණු අත දිගහැරියේ ඒ තුල යමක් ඇද්දැයි සැකහැර දැනගැනීමටයි.පුදුමයකි ඒ තුල වූයේ සිහින් රන් මාලයකට අමුණන ලද කුඩා රත්‍රන් සුරයකි.එය උඩ සාක්කුවේ ප්‍රවේශමට රුවාගත් මා බොස්ගේ කාමරය වෙත පියනැඟුවෙමි." ආ චතුරංග කම් කම්.ටේක් අ සිට් ". "තෑන්ක් යූ සර් " කියමින් මා අසල පුටුවක වාඩිගත් අතරම එකවර සිතට නැඟුන සිතුවිල්ලකට අනුව මම බොස්ගෙන් මෙසේ ඇසුවේ මා දුටු දෙය පිළිබඳව යම් අවසන් නිගමනයකට එළබීම උදෙසාය. "සර් මගෙන් අහන්න යන්නෙ මම අද මොකේද ආවෙ කියලද ? " "අ ආහ් ආ ඔවුනෙ.ඒත් මම කාටවත් කිව්වෙ නෑනෙ මේ ගැන." "කලබල වෙන්න එපා සර්.. එතකොට තව... මිස්ට සපරමාදු ඉක්මන්ට ප්‍රොජෙක්ට් එක ඉල්ලනවද සර්.." "ඔවුනෙ! චතුරංග මේව කලින් උනා වගේනෙ කියන්නෙ" "අනේ නෑ සර් මිස්ට සපරමාදු ප්‍රොජෙක්ට් එක ගැන මට කිව්ව.මම අද ගෙදර ගිහින් හදල සර්ට මේල් එකක් දාන්නම්."මම ගැලවීමේ තුරුම්පුව ගැසුවෙමි. "තෑන්ක්ස් චතුරංග.මට වැඩේ කම්ප්ලීට් උනානම් ඇති."
යන්තම් එයින් ගැලවුන මා එදින හැකි ඉක්මනින් නිවෙස් ගතවුනේ හීනෙන් සිදුවූ දෙය නැවත සිදුවේදැයි නිශ්චිත නොවූ නියාවෙනි.කෙසේ හෝ නිවෙස් ගතවූ වහාම කිරිඅම්මා සොයාගෙන ගොස් මේ ගැටලුවේ අගමුල ගලපාගැනීම අතිශ්‍ය අත්‍යවශ්‍ය කටයුත්තක් විය."කිරිඅම්මේ..." මගේ කලබලය කෙතෙක් විනිද යත් පය පැකිලී කාමරයෙහි වූ ටීපෝවද පෙරලී යන්නට විය."මොකද බං උඹට යකෙක් ගැහුව වගේ දාංගලේ එකපාරට.." "නෑ කිරිඅම්මෙ.හීං අප්පො කියල කෙනෙක් ගැන කිරිඅම්ම දන්නවද ?" එය අසත්ම කිරිඅම්මාගේ දෑස් මුව විශාල විය."එහෙනම් හීං අප්පො උඹවත් මට බේරල දීල." "උන්දැ මට හීනෙන් පෙනුන.මට කිව්ව පොඩි කොල්ලවත් මම බේරගන්නව කියල" "වතාවක් උන්දැ උඹලගෙ තාත්තවත් බේරගත්ත බං" "කවුද කිරිඅම්මෙ හීං අප්පො කියන්නෙ ?" මම මේ අපබ්‍රංශය තේරුම්ගැනීමට නොහැකි තැන ඇසුවෙමි. "උන්දැ මගෙ එක්කල එකම බඩවැල කඩන් එකටම මේකට ආපු මගෙ නිවුන් සහෝදරය.මම විනාඩි ගානකට කලින් උන්දැට අක්ක උනා.නොගැලපෙන විවාහයක් හන්ද පවුලෙන් අයින් කරල දැම්මත් අපේ සහෝදරකමේ බලවන්තකම මකාදාන්න බැරි උනා.මම අප්පච්චිට හොරෙන් උන්දැට පුලුවන් වෙලාවට සල්ලි යැව්ව. උන්දැ මන්තර සාස්තරේ දක්ශයි.කොහොමහරි කරපු දෙයක් වැරදිලා අකාලෙ මියැදෙන්න උනත් මිය ගිහිනුත් උන්දැ අපිව ආරක්ශා කලා." "එතකොට කිරිඅම්මෙ සීයට එයාගෙ ඒ ආත්මෙන් ගැලවෙන්න බැරිද ?" "පුලුවන් මොකෝ බැරුව. උන්දැ කරල තියන කර්මෙ අනුව අපේ පරම්පරාවෙ තුන් දෙනෙක්ගෙ ජීවිත බේරගන්න ඕනෙ.උඹේ ජීවිතෙයි තාත්තගෙ ජීවිතෙයි බේරුවට අමතරව උන්දැගෙ දුවගෙත් ජීවිතේ බේරල තියනව. ඒ හැම වතාවකම මට හීනෙන් උන්දැ පෙනිල තියනව." කිරිඅම්මට මම සාක්කුවෙ රුවාගෙන තිබුනු සුරය පෙන්නුවෙමි. "මේක උන්දැගෙ සුරය.." කිරිඅම්මා චීත්ත පොටෙන් දෑස පිහදාගන්නා ගමන් කීවාය.ඇගේ සිත අතීත මතකයෙන් තවත් පෑරීමට නොදී මා පියමන් කලේ නැවත දිනක මගේ පියාගේ හා නැන්දාගේ ජීවිත ඔහු කෙසේ බේරුවේදැයි අසාගන්නා පරමාර්ථය පෙරදැඩි කරගෙගෙනය.එයද තවත් මෙවැනිම කතාන්දරයක් වනු ඇත.මම පුබුදු චතුරංග දොලේවත්ත.. නැවත හමුවනතුරු ජයශ්‍රී...
0 comments:
Post a Comment