✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🎈 පාන් පෙති 6 ක් (සැන්ඩ්විච් පාන් වඩාත් හොඳයි)
- 🎈 කිරි කෝප්ප 2 ක්
- 🎈 කස්ටඩ් පවුඩර් මේස හැඳි 2 ක්
- 🎈 වතුර කෝප්ප 1/2 ක් (කස්ටඩ් දියකර ගැනීමට)
- 🎈 සීනි කෝප්ප 1/2 ක්
- 🎈 වැනිලා ටිකක්
කැරමල් එක සඳහා :
- 🎈 සීනි කෝප්ප 1/2 ක්
- 🎈 වතුර මේස හැඳි 1 ක්
✅ සාදා ගන්නා ආකාරය :
- 💥 මුලින්ම පාන් පෙතිවල වටේ දුඹුරු පැහැ කොටස් කපා ඉවත් කරන්න.
- 💥 පාන් පෙති වල මැද කොටස් ගෙන කුඩා කොටස් වලට කපා සිහින් වනතුරු ග්‍රයින්ඩ් කර ගන්න.
- 💥 ඊලඟට භාජනයක් ගෙන එයට සීනි කෝප්ප 1/2 සහ වතුර මේස හැඳි 1 එකතු කර රත් කරන්න .හැඳි ගාන්න එපා.
- 💥 සීනි දියවී රන්වන් පැහැයට හැරුන විට හැඳි ගා ලිපෙන් ඉවතට ගන්න.
- 💥 දැන් පුඩිං එක දමන බඳුනට මේ කැරමල් ටික දමා වටේ විසුරුවා ගන්න.
- 💥 ඊලඟට වතුර කෝප්ප 1/2 ක කස්ටඩ් පවුඩර් දිය කර ගන්න.
- 💥 දැන් භාජනයක් ලිප තබා කිරි සහ සීනි කෝප්ප 1/2 එකතු කර හැඳි ගාමින් රත් කරන්න.
- 💥 ටිකක් රත් වූ පසු දියකර ගත් කස්ටඩ් එකතු කර විනාඩි දෙකක් පමණ හැඳි ගාමින් රත් කර ගන්න.
- 💥 ඊලඟට සිහින්ව ග්‍රයින්ඩ් කර ගත් පාන් කුඩු ටික එකතු කර හොඳින් කිරි සමග මිශ්‍ර වනතුරු හැඳි ගාන්න.
- 💥 දැන් වැනිලා එකතු කර මිශ්‍ර කර ගන්න.
- 💥 ලිපෙන් ඉවතට ගෙන කැරමල් දමා සකස් කල භාජනයට මේ පාන් මිශ්‍රණය දමන්න.
- 💥 භාජනය ෆොයිල් කොලයකින් හෝ පියනකින් හොඳින් වසා විනාඩි 30 ක් පමණ හුමාලයෙන් තම්බා ගන්න.
- 💥 තම්බාගත් පුඩිං එක නිවෙන්න තබන්න.
- 💥 පසුව පැය දෙකක් පමණ ශීතකරණයේ තබා ඉවතට ගෙන වටේ සෙමින් බුරුල් කොට අනෙක් පැත්ත දමා ගන්න.
💥 දැන් ඉතිං රස විඳින්න පුලුවන් 😍සැකසුම : ©, නදීෂා ගමගේ ..
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment