Song Title : Ayi Ane Wedana (ඇයි අනේ වේදනා)
ගායනය : ලතා වල්පොල
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය : වී. ක්‍රිෂ්ණමූර්ති
1958 දී තිරගතවූ "සේපාලි" චිත්‍රපටියේ ගීයකි.ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් තනුව උපුටා ගෙන ඇත.
ඇයි අනේ වේදනා
මා හර්දයේහි සෑමදා
මා හර්දයේහි සෑමදා //
ඇයි අනේ වේදනා
හෝ.... ඔඕ.. ඔඔඕ.. ඔඕ..
ප්‍රේමේට ඇයිද වෙෙරෙ මේ
මෙ ලෝකයාගෙ හර්දයේ //
ආ ශෝකයේහි හී තලේ
වැදීල හර්දෙ යයි පැළී
මගේ ප්‍රියේ ඔබේ නමින්
මේ ජීවිතේ පුදන්නෙමී
ඇයි අනේ වේදනා
හෝ.... ඔඕ.. ඔඕ.. ඔඔඕ..
මාගේ අනාථ ජීවිතේ
පාවේවි ශෝක සාගරේ //
ප්‍රේමේ පරාදෙ මාගෙ මේ
කාගේ සැපේ නිසාද ඒ
මගේ සුදෝ ඔබේ නමින්
මේ ජීවිතේ පුදන්නෙමී
ඇයි අනේ වේදනා
මා හර්දයේහි සෑමදා
මා හර්දයේහි සෑමදා //
ඇයි අනේ වේදනා
0 comments:
Post a Comment