Awasan Sandewai Dedena Hamu Woo Song Lyrics - අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ ගීතයේ පද පෙළ

Awasan Sandewai Dedena Hamu Woo Song Lyrics - අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ ගීතයේ පද පෙළ
Song Title : Awasan Sandewai Dedena Hamu Woo (අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ)
ගායනය : ලලිත් පොන්නනම්පෙරුම


අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ

ඔබගේ සුන්දර සමනළ ලෝකය
බිඳලන්නට බැහැ කුරිරු වෙමින්
කඳුළු දරාගෙන වෙන් වී යන්නට
සමුදෙනු මැනවි සුහද සිතින්

අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ

ඉඳ හිට මග තොට හමුවන මොහොතක
ඉවත බලාගෙන යන්න එපා
මේ සංසාරෙදි මා නොපැතූවත්
එය හඟවා රිදවන්න එපා

අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ

මින් මතු නෑ අප හමු වන්නේ
වෙන් වී යන්නට සැරසෙන්නේ
මින් මතු නෑ අප හමු වන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment