Song Title : Aadara Wiyo Dukin (Rana Hansiye) (ආදර වියෝ දුකින් (රණ හංසියේ))
ගායනය : විජය බණ්ඩාර වැලිතුඩුව
තනුව : විජය බණ්ඩාර වැලිතුඩුව
පද : විජය බණ්ඩාර වැලිතුඩුව
ආදර වියෝ දුකින්
මා ගයන මේ ගී
ඔබ හට ඇසේවා
රණ හංසියේ
රණ හංසියේ මගේ රණ හංසියේ //
ඒ සොඳුරු විජිතේ
ඈ සිහින කුමරී
මා හා බැඳීලා
දිවි මං තලේ
ඒ දවස මා හා
නෑ දැන් රැඳීලා
මා ඉන්නෙ තනිවී
රණ හංසියේ
රණ හංසියේ මගේ රණ හංසියේ //
ඒ නීල දෑසේ
සෙනෙහේ සිනා රැල්
මා සනසවාලයි
සිහිනෙන් පවා
ඒ වේදනාවන්
මා හදවතට මෙන්
ඔබටත් දැනේදෝ
රණ හංසියේ
ආදර වියෝ දුකින්
මා ගයන මේ ගී
ඔබ හට ඇසේවා
රණ හංසියේ
රණ හංසියේ මගේ රණ හංසියේ ////
0 comments:
Post a Comment