පැල් රකින්න සීයා තනියට ගෑනු පරාණය (Women)

පැල් රකින්න සීයා තනියට ගෑනු පරාණය (Women) - Your Choice Way

අපේ සීයා තමයි මේක කිව්වේ... එයා මුහුණ දීපු අත්දැකීමක්...

අපේ පැත්තේ තියනව ඉස්සර තාපසවරු හිටපු ආරාමයක්... කන්දක් අයිනෙ,කැළෑවෙන් වටවෙලා...අපි පොඩිකාලෙ ඒ ආරමෙට යනව මටත් පොඩ්ඩක් මතකයි.... මොකක්දෝ හේතුවකට ඒ ආරමේ හිටපු තාපස තුමා යන්න ගියා... කාලයත් එක්ක ඒ පැත්තේ වල් බිහි උනා...

අපේ සීයාට අයිති කුඹුරක් ඒ ලගම තියෙනවා... ලොකු ගල් තලාවක් එක්කම තමයි කුඹුර තියෙන්නේ.... ඒ පැත්ත ගොඩක් පාලුයි .... කතාවක් තිබුනා එහේ හොල්මන් තියෙනවා කියලා... ඒ උනාට අපේ සීයනම් යකෙකුටවත් බයක් තියෙන කෙනෙක් නෙමෙයි..

කොහොමහරි එක පාරක් ඔය කුඹුරේ වැඩ කරලා ගොයම් පැළත් හොදට හැදීගෙන එනකොට කුඹුරට සත්තු එන්න ගත්තලු... ඉතින් අපේ සීයා යනවලු පැල් රකින්න... ඒ ගිහිල්ලා රෑට ඉන්නේ අර ගල් තලාවෙලු.. ඒක ටිකක් උසට තියෙන හින්දා ආරක්ෂාවටත් හොදයිනේ.. දවසක් රෑට කෑමත් කාලා 7ට විතර යන්න පිටත් වෙලා... ඒ ගිහින් ගිනි මැලේකුත් ගහලා ටිකක් වෙලා ඉන්නකොට සීයට නින්ද ගිහින්... එක පාරම කවුරු හරි කතා කරනව ඇහිල නැගිටලා බලනකොට ගෑනු කෙනෙක් ඉදන් ඉන්නවලු ගිනි මැලේ ළග... ඒ වෙලාවෙනම් සීයගේ හිත ටිකක් බයවෙලා...කුනුහරුපයක්වත් මතක් උනේ නැතිලු.. වටපිට බලනකොට සීයගේ අතට අහුවෙලා තියෙන්නේ රතිඤ්ඤා .... එයා මොකද කරන්නේ රතිඤ්ඤා එකක් අරගෙන ඒ ගෑනු කෙනා ඉන්න පැත්තට දාලා.... ඊට පස්සේ එයා නැති උනාලු.... ඒත් ඒ වෙලාවෙම සීයා ගෙදර ඇවිත් .... එනකොටත් කවුරුහරි පස්සෙන් එනවා වගේ දැනෙනවලු... මෙයා පස්සවත් බලන්නේ නැතුව ගෙදරම ඇවිත් ...

ටික දවසක් යනකම් සීයගෙ හිතේ බය තිබුනලු... අපිනම් දවල්ටවත් ඒ පැත්තේ යන්නේ නෑ තවමත්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පැල් රකින්න සීයා තනියට ගෑනු පරාණය (Women) පැල් රකින්න සීයා තනියට ගෑනු පරාණය (Women) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 08, 2022 Rating: 5

0 comments:

Post a Comment