Wine Katina Un Song Lyrics - විනේ කටින උන් ගීතයේ පද පෙළ

Wine Katina Un Song Lyrics - විනේ කටින උන් ගීතයේ පද පෙළ
Song Title : Wine Katina Un (විනේ කටින උන්)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : පූර්ණ ජය ශ්‍රී
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


විනේ කටින උන්
විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වනේ නැතිව උන්
වනේ නැතිව උන් දුක දන්නේ කෝම

ගමේ ගැටව් කරබාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට
නෙළා ගනින් යැයි කප්රුක පිදුවාට
ඉණේ රෙද්දමයි හිටියේ හරහාට

විනේ කටින උන්
විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වනේ නැතිව උන්
වනේ නැතිව උන් දුක දන්නේ කෝම

ළැමේ කිරට මොරගානා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට
ළිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
වරෙව් මහතුනේ කුණු කය වළදන්ට

විනේ කටින උන්
විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වනේ නැතිව උන්
වනේ නැතිව උන් දුක දන්නේ කෝම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wine Katina Un Song Lyrics - විනේ කටින උන් ගීතයේ පද පෙළ Wine Katina Un Song Lyrics - විනේ කටින උන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2022 Rating: 5

0 comments:

Post a Comment