✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🔹 පොල් වතුර ලීටර් 1 ක්
- 🔹 සීනි 125g ක්
- 🔹 යීස්ට් තේ හැඳි 1/2 ක් පමණ
- 🔹 මුහුන් සඳහා විනාකිරි 100ml ක් පමණ
✅ සාදා ගන්නා ආකාරය :
- 🌀 මුලින්ම පොල් වතුර භාජනයකට පෙරා ගන්න. මැටි භාජනයක් පාවිච්චි කරන්න, එය වඩා හොඳයි .
- 🌀 පෙරාගත් පොල් වතුරට සීනි එකතු කර නටන තෙක් උණු කර ගන්න.
- 🌀 පසුව එය කාමර උශ්ණත්වයට එන තෙක් තබන්න.
- 🌀 දැන් නිවුනු විනාකිරි ද්‍රාවණයට යීස්ට් එකතු කර මිශ්‍ර කර ගන්න.
- 🌀 ඊලඟට අඳුරු පැහැති පියන සහිත භාජනයකට මෙම ද්‍රාවණය දමා පියනෙන් වසා සතියක් පමණ පැසීමට තබන්න.
- 🌀 සතියකට පසු නැවත මැටි භාජනයකට මෙම ද්‍රාවණය පෙරා අඩුම උශ්ණත්වයේ විනාඩි 20ක් පමණ රත් කර ගන්න.
- 🌀 දැන් සිසිල් වනතුරු තබන්න.
- 🌀 නිවුනු පසු මුහුන් ලෙස විනාකිරි එකතු කර මිශ්‍ර කර ගන්න.
- 🌀 අනතුරුව භාජනයකට දමා පියනෙන් වසා මාසයක් තබන්න.
- 🌀 මාසයකට පසු ඔයාලට පෙනේවි හොඳින් පැසුනු විනාකිරි ද්‍රාවණයක් . ඒවගේම විනාකිරි සුවඳ හොඳින් දැනේවි.
- 🌀 දැන් නැවත මේ ද්‍රාවණය මැටි භාජනයකට දමා අඩුම උශ්ණත්වයේ විනාඩි 20ක් පමණ රත් කරන්න.
- 🌀 නිවෙන්නට පෙර අඳුරු පැහැ ප්ලාස්ටික් බෝතල් වල අසුරා ගන්න.
සැකසුම : © නදීෂා ගමගේ ..
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment