Wana Dewliya Thurule Song Lyrics - වන දෙව්ලිය තුරුලේ ගීතයේ පද පෙළ

Wana Dewliya Thurule Song Lyrics - වන දෙව්ලිය තුරුලේ ගීතයේ පද පෙළ
Song Title : Wana Dewliya Thurule (වන දෙව්ලිය තුරුලේ)
ගායනය : ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙර කල සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ

සිත පණ ගන්වන
හදේ නිදන් වන
රූ බර ළඳුනනෙ
මද හස පෙන්වන //
කළා වැවේ සුළගින්
ඇගේ ගත සලිත වෙලා
කලා රසික හෙලයන්
සීගිරි අගන නෙලා

සඳ වැනි මුව ඇති
රූබර ළඳුනනේ
කලා රසය ලොව
හඬගා කියමිනි //
දහස් ගණන් නරඹා
සීගිරි බැස යනවා
කළා රසය හොබවා
සිතුවම් පවතිනවා

වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙර කල සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wana Dewliya Thurule Song Lyrics - වන දෙව්ලිය තුරුලේ ගීතයේ පද පෙළ Wana Dewliya Thurule Song Lyrics - වන දෙව්ලිය තුරුලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2022 Rating: 5

0 comments:

Post a Comment