Song Title : Thiline Lesin Piliganwami (තිළිණේ ලෙසින් පිළිගන්වමි)
ගායනය : ඉන්ද්රානි පෙරේරා
පද : වර්නන් පෙරේරා
තනුව : මිල්ටන් පීරිස්
තිළිණේ ලෙසින් පිළිගන්වමි
ඉටි මල් මිටක් මා හැදු
පරවී නොයේ ඒ මල් සැලේ
මගෙ ආදරේ ඒ වගේ //
දුර ඈත සයුරෙන් එහා
පිටවීලා යනවා කියා //
දැනගත්ත මොහොතේ හඬා
දැකගන්න ආවේ සොයා //
ඔය දෑත දෑතේ තියා
කොඳුරන්න යන්නම් කියා //
රිදවන්නෙ ඇයි මා මෙසේ
ඔබ නේද මගෙ ජීවිතේ //
තිළිණේ ලෙසින් පිළිගන්වමි
ඉටි මල් මිටක් මා හැදු
පරවී නොයේ ඒ මල් සැලේ
මගෙ ආදරේ ඒ වගේ ////
0 comments:
Post a Comment