✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🎈 සහල් කිලෝවක බත් (බාස්මතී , කීරි සම්බා වැනි බත් එකක් හොඳයි)
- 🎈 පොල්කිරි කෝප්ප 1 ක්
- 🎈 සිහින්ව ලියාගත් බී ලූනු ටිකක්
- 🎈 තලාගත් ඉඟුරු ,සුදුළූනු ටිකක්
- 🎈 තලාගත් කරඳමුංගු කරල් 3,4 ක්
- 🎈 තලාගත් කරාබුනැටි 4 ක්
- 🎈 කුරුඳු පොතු කැබැල්ලක්
- 🎈 සේරබඩ කැබැල්ලක්
- 🎈 රම්පෙ, කරපිංචා ටිකක්
- 🎈 ගම්මිරිස් ඇට තේ හැඳි 1 ක්
- 🎈 කහ කුඩු තේ හැඳි 1/2 ක්
- 🎈 ලුනු කුඩු ස්වල්පයක්
- 🎈 බටර් හෝ තෙල්
- 🎈 රන්වන් පැහැ වනතුරු බැදගත් බී ලූනු ටිකක්
- 🎈 බැදගත් කජු සහ වියලි මිදි ටිකක්
- 🎈 යන්තමින් බැදගත් කරපිංචා කොල ටිකක්
✅ සාදා ගන්නා ආකාරය :
- 💥 මුලින්ම සහල් හොඳින් ගරා සෝදා ලුනු සහ තෙල් හෝ බටර් මේස හැන්දක් පමණ එකතු කර බත පිස ගන්න.
- 💥 පසුව ලොකු තාච්චියක් හෝ සාස්පානක් ගෙන බටර් හෝ තෙල් දමා රත් කරන්න.
- 💥 එයට තලාගත් ඉඟුරු ,සුදුළූනු, කරඳමුංගු ,කරාබුනැටි ,සේර සහ කුරුඳු පොතු එකතු කරන්න.
- 💥 පසුව එයට ලියාගත් බී ළූනු එකතු කර රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
- 💥 දැන් එයට රම්පෙ ,කරපිංචා සහ ගම්මිරිස් ඇට එකතු කරන්න . විනාඩියකින් පමණ කහකුඩු එකතු කර මිශ්‍ර කරන්න.
- 💥 දැන් එයට බත් වලින් බාගයක් එකතු කර තෙම්පරාදුව සමග මිශ්‍ර කරන්න.
- 💥 පසුව එයට උඩින් ලුනු කුඩු සහ පොල් කිරි ඉස ගන්න.(ලුනු එකතු කරන්න පෙර බත් එකේ ලුනු බලා අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලුනු එකතු කරන්න)
- 💥 දැන් ලිපේ ගින්දර අඩුකර ඉතිරි බත් ටික උඩින් දමා විනාඩි 5 ක් පමණ තබා බත හොඳින් මිශ්‍ර කරන්න .සුදු බත් ඇට නොපෙනෙන තුරු හොඳින් මිශ්‍ර විය යුතුයි.
- 💥 දැන් පිසගත් බත් දීසියකට දමා ඊට උඩින් රන්වන් පැහැයට බැදගත් කජු, බී ලූනු, මිදි සහ බැදගත් කරපිංචා දමා පිලි ගන්වන්න. 😋
😍 ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment