පොල් වත්තට කල බන්ධනය පොල් හෝරාව මංමුලා කරයි (Temple)

පොල් වත්තට කල බන්ධනය පොල් හෝරාව මංමුලා කරයි (Temple) - Your Choice Way

මේ කතාවට සම්බන්ධ වෙන්නේ පන්සලක්.. මේ පන්සල අදටත් තියෙනවා.. රජමහ විහාරයක්.. ටිකක් ඈත පලාතක තමයි තියෙන්නේ..

අපි හැමෝම දන්නවා රජවරු සම්බුද්ධ ශාසනයේ දියුණුව, පන්සලේ ආරක්ෂාව සහ ස්වාමීන් වහන්සේලාගේ යැපීම පිණිස ගම්බිම්, ඉඩම් පූජා කරපු බව.. මේ පන්සලටත් ඒ වගේ රජකාලේ පූජා කරපු ලොකු ඉඩම් තිබ්බා පන්සල වටේටම.. ඒ ඇරෙන්න බොහොම ඉස්සර කාලේ ඉඳන්ම තියෙන සරුසාර පොල් වත්තකුත් මේ විහාරස්ථානෙට අයිති වෙලා තිබුනා.. පන්සල තිබුනේ ඒ පොල් වත්තේ මැදට වගේ වෙන්න..

ඉස්සර මිනිස්සු දෙයක් ආරක්ෂා කරගන්න බොහොම වෙනස් විදියේ උපක්‍රම පාවිච්චි කලා.. යන්ත්‍ර මන්ත්‍ර දන්න මිනිස්සු අමනුෂ්‍යන්ගෙන් පවා උදව් ගත්තා ඒ ආරක්ෂා කිරීමේ වැඩට.. සීගිරිය ආරක්ෂා කරන්න දෙබරුන්ට බාර දුන්නා වගේ දෙයක් ඒක..

ඒ වගේම ගමේ මිනිස්සු අතරේ කතාවක් තිබුනා මේ පොල් වත්තෙන් කිසි දෙයක් හොරකම් කරන්න බැරි බව.. නමුත් ඒ ඇයි කියලා කියන්න කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ..

මේ ගමට අලුතෙන් ආපු මනුස්සයෙක් හිටියා.. ටිකක් චන්ඩියා.. එයාගේ වැඩේ තමයි හොරකම.. එයා දැක්කා මේ පන්සලේ සරුසාර පොල් වගාව.. ඉතින් දවසක් එයා රාත්‍රී වෙලාවක මේ ඉඩමට හොරෙන් පැනලා ඇතුල් වුනා.. හඳ එලියෙන් පොල් ගස් වලට නැගලා ගෙනියන්න පුළුවන් තරම් පොල් කඩා ගත්තා කියමුකෝ..

දැන් ගෙදර යන්න වෙලාව.. වටේටම තාප්පෙ පේනවා.. ඉතින් මේ මනුස්සයා පොල් ටිකත් අහුලගෙන පනින්න තැනකුත් බලාගෙන ඒ දිහාවට ගියා..

යනවා යනවා යනවා.. තාප්පේ තව ඈතයි.. මිනිහා පොල් ටික බිම තියලා කල්පනා කලා.. ආයේ ගමන පටන් ගත්තා..

යනවා යනවා.. ඒත් තව ඈතයි..

පස්සේ මිනිහා තීරණය කලා වෙන තැනකින් යන්න.. ඒ පැත්තට ගියා.. ඒත් ඒ ටිකමයි.. කොච්චර ගියත් තාප්පේ තවත් ඈතින් තියෙන්නේ.. ඒත් පේන්න තියෙනවා..

දැන් මිනිහට ටිකක් බය හිතුනා.. ගමේ මිනිස්සු කියන කතාත් මතක් වුනා.. මිනිහා පොල් ටික බිම දාලා දුවන්න පටන් ගත්තා.. ඒත් ඒ ටිකමයි.. කොච්චර දිව්වත් තාප්පේ තව ඈතයි..

මේ විදියට මේ මනුස්සයා එලි වෙනකම් දිව්වත් එලියට යාගන්න බැරි වුනා.. පාන්දර එළිය වැටෙද්දි මිනිහා දැක්කා පන්සල.. එවෙලෙයි එයාට මතක් වුනේ තමන් රෑ කොච්චර දිව්වත් පන්සල පෙනුනේ නැති බව..

මිනිහා සිහි විකලෙන් වගේ දිව්වා පන්සල පැත්තට.. හාමුදුරුවෝ උදේම එලියට වැඩලා ඉන්නවා..

මේ මනුස්සයා හාමුදුරුවෝ ලඟ දනින් වැටිලා, කකුල් දෙල බදාගෙන තමන් කරපු දේ කියලා තියෙනවා..

බූරුවා කියලා බැනපු ලොකු හාමුදුරුවෝ මේ පුද්ගලයව බුදුගෙට එක්කන් ගිහින් වන්දවලා, තෙල් ටිකක් ඔලුවේ ගාලා මෙහෙම කියලා තියෙනවා..

" උඹ දැන් මෙතනින් පිට වෙලා වටපිට නොබලා කෙලින්ම ගේට්ටුවෙන් පිට වෙන්න ඕනේ මේ වත්තෙන්.. ආයේ මේ පැත්තේ පස් පාගන්න එපා.. ආයේ මේ වගේ වැඩ කරන්නත් එපා කියලා අවවාද කරලා යවලා තියෙනවා..

ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේ පන්සල තාම තියෙනවා.. මේ පොල් වත්තත් තාම තියෙනවා..

සංඝයාට අයිති දෙයක් හොරෙන් ගන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ... මොකද අපිට නොපෙනෙන අය එයාලට බාර දීපු රාජකාරිය හරියටම කරනවා.. කොන් ඉතුරු කරන්නේ නැහැ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පොල් වත්තට කල බන්ධනය පොල් හෝරාව මංමුලා කරයි (Temple) පොල් වත්තට කල බන්ධනය පොල් හෝරාව මංමුලා කරයි (Temple) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2022 Rating: 5

0 comments:

Post a Comment