ලංකාවේ මුල් වරට බෞද්ධ කොඩිය එසවූ වළව්වේ පංසල (The Temple Where The Buddhist Flag Was Raised For The First Time In Sri Lanka)

ලංකාවේ මුල් වරට බෞද්ධ කොඩිය එසවූ වළව්වේ පංසල (The Temple Where The Buddhist Flag Was Raised For The First Time In Sri Lanka) - Your Choice Way

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ආකාරයට මදාරා මල් සුවඳ විඳ ගැනීමට නම් දිව්‍ය සම්පත් ලබාගත යුතුය. නමුත් කොළඹ කොටහේන දීපදුත්තාරාම විහාරයට පැමිණි විටද මදාරා මල් පමණක් නොව ගෙඩිද දැක, මදාරා ගස් සෙවනේ හිඳ ලොව්තුරු සුව විඳීමටත් අවස්ථාව ලැබෙයි.‍

දීපදුත්තාරාමයෙහි ඇති මදාරා ගස සිටුවා ඇත්තේ දැනට වසර 64කට පෙර නයිකුමරු එච්. එම් බුමිබ්‍රල් අදුල්ලේසේගේ සුරතිනි. දීපදුත්තාරාමයත් තායිලන්තයත් අතර ඇති සමීප සබඳතාව නිසාම තායි පංසල ලෙසද එය හඳුන්වයි.

තායි විහාරයේ වඩා වැදගත්වන ඵෙතිහාසික කරුණු බොහොමයකි. කොළඹ නගරයෙහි පිහිටි පැරැණිතම බෞද්ධ විහාරය දීපදුත්තාරා‍මයයි. මෙහි ඇති සුවිශේෂිම වටිනාකම වන්නේ 19 වැනි සියවසේ මතු වූ බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ මුඛ්‍ය කාර්යභාරයක් ඉටු කළ පුජනීය ස්ථානයක් වීමයි. බෞද්ධ කොඩිය නිර්මාණය කිරීම, වෙසක් පොහොය දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම මෙන්ම පළමුව බෞද්ධ කොඩිය ගුවනට එසවුයේත් දීපදුත්තාරාම පුදබිමේදියි.

බ්‍රිතන්‍ය පාලන සමයේදී කොටහේන ප්‍රදේශය ප්‍රබලතම රෝමානු කතෝලික මධ්‍යස්ථානයක් විය. කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර බ්‍රිතාන්‍ය පාලනය යටතේ ක්‍රියාත්මක වූ ආගමික මධ්‍යස්ථානයයි මේ කාලේ කොළඹ බ්‍රිතාන්‍ය පාලන බල ප්‍රදේශය තුල පංසල් ඉදිකරන සම්පූර්ණයෙන් තහනම් කරලා තිබුණ කාලයක්...

ඉතින් බෞද්ධයන්ට වැද පුදාගන්න දුර ගෙවාගෙන කැළණිය, පැපිලියාන,නැදිමාල,බෙල්ලන්විල වගේ ඈත පළාත්වල තිබුණ විහාර වලට යන්න සිද්ද වෙලා තිබුණා..

මේකාලෙ කොළඹ කොටහේන කියන්නෙ තරමක් ධනවතුන් වාසය කරපු ප්‍රදේශයක්.

රටගිය මුදියන්සේ නොහොත් සවියෙල් තාබෲ උභයකුලතුංග විජේසිරිවර්ධන මුදලි තුමා කොටහේනේ තමුංගෙ වළව්වෙ වාසය කලේ මේ කාලෙ. මුන්නැහේ ලන්දේසි සමග ලගින් සම්බන්ධකම් පවත්වපු නිසා ඒකාලේ හිටපු ලන්දේසි ආණ්ඩුකාරයා වෙච්චි වං එංගල් බෙක් ව කැමති කරව ගන්න සමත් වෙනවා, තමුංගෙ වළව් වත්තෙම පොඩියට පංසලක් හදන්න...

සවියෙල් තාබ්‍රෙව් උභය කුලතුංග විජේසිරිවර්ධන මහ මුදලිතුමන් 1745 දී පමණ ඕලන්ද ආණ්ඩුකාරවරයාගෙන් විශේෂ අවසරයක් ගෙන ඔහුගේ පරපුරට අයත්ව පැවැති වලව්ව හා අක්කර සියගණකින් යුතු ඉඩම විහාරයක් බවට පත් කළහ. එකල තමාගේම නිවෙස් වූව ආරාමයක් බවට පත් කිරිම සඳහා විශේෂ අවසරයක් ගත යුතුව තිබිණි.

වලව් වැසියන්ගේ මෙන්ම පවුලේ හිතවතුන්ගේ ආගමික අවශ්‍යතා ඉටු කිරීම නිසාම මෙම ආරාමය ප්‍රදේශවාසීන් විසින් හැදින්වුයේ “වලව්වේ පන්සල” නමිනි.නමුත් 1800 දී පමණ විහාරස්ථානය මුල්කරගෙන පවත්වන ලද සති පිරිත් පිංකම් සඳහා ජනතාව සහභාගි වීමත් සමඟම පොදු ජනතාවගේ පුණ්‍ය භූමියක් බවට පත් විය.‍

මුල්ම කාලයේ ආරාමය ඉදි කිරිමේ දී කොතරම් බලපෑම් සිදුවීද යත් උභය කුලතුංග මහමුදලිතුමාට තම වලව්වේ සාලයෙහි තැණූ බුදුගෙයි තොරණ සැකසිමේදී බුදුපිළිමයට ද ඉහළින් බ්‍රිතන්‍ය රාජකීයත්වයේ සලකුණ වන ඔටුන්න පිහිටන සේ සැකසීමට සිදු වී ඇත...

ඔය විදිහට 1785 කොටහේනෙ හැදෙන වළව්වෙ පංසල මුදලි තුමා බාර දෙන්නෙ සීනිගම උන්නාන්සෙ නමින් හදුන්වපු 'සීනිගම ධම්මරක්ඛිත' හාමුදුරුවන්ට. මේ කාලෙම ඉන්දියාවෙ බුද්ධ ගයාව බාරව හිටි මහන්තාගෙන් ඉල්ලගෙන ඇවිත් ශ්‍රීමහා බෝධියේ ශාඛාවක් මේ වළව්වේ පංසලේ හිටවන්නත් පුලුවන් වෙනවා... පංසලේ ස්වර්ණමය යුගයක් හැටියට කියවෙන්නේ මේ කාලෙ තමයි...

ඉතිං මුලින් මුදලි තුමා සහ පවුලේ උදවියටත් නෑ පිරිවරටත් විතරක් සීමා වෙච්ච වළව්වේ පංසල පහු පහු වෙද්දි;1800 දි පමණ සති පිරිත් පිංකම් සදහා අවට වාසී බෞද්ධයන්ටත් විවෘත වීමත් සමග පොදු පිංබිමක් බවට පත් වෙනවා..

මේ වළව්වේ පංසල තමයි කොටහේන "දීපදුත්තාරාමය"

මුදලිතුමාගෙ කාලෙන් පස්සෙ සෑහෙන කාලයක් යනකල් අභාවයට ගිය වළව්වේ පංසල නැවත නගා සිටුවන්නේ මිගෙට්ටු වත්තේ ගුණානන්ද හාමුදුරුවන් දීපදූත්තාරාමයට වැඩම කලාට පස්සෙ.

මුන්නාන්සේගේ කාලෙ දීපදුත්තාරාමයට අළුත් පෙනුමක් ලැබෙනවා ඉන් අස්සෙ බ්‍රිතාන්‍යයන්ට විරුද්ධ සටනේ කොළඹ මූලස්ථානයක් වෙන්නෙ කොටහේනේ දීපදුත්තාරාමයයි..

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි......
දීපදුත්තාරාමයෙහි පළමු විහාරාධිපති සීනිගම ධම්මක්ඛන්ධ හිමියන්ය. උන්වහන්සේගෙන් පසුව විහාරාධිපති බවට පත්වන්නේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියි. දීපදුත්තාරාමයේ ස්වර්ණම යුගය සනිටුහන්වන්නේ ගුණානන්ද හිමිගේ යුගයේදීය. එපමණක් නොව බුදුදහම මෙන්ම බෞද්ධකම පිළිබඳ අන්තර්ජාතික අවධානයක් ඇති කිරීමට ගුණානන්ද හිමි සමත්වෙයි.

1815 අත්සන් කළ උඩරට ගිවිසුමෙහි තුන්වන වගන්තිය වුයේ බුදු දහම ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජයට ඇති වගකීමයි. නමුත් 1818 කැරැල්ලෙන් අනතුරුව බුද්ධ ශාසනය වැනසීම සඳහා බ්‍රිතාන්‍යයන් චේතනාන්විතව කටයුතු කළේය. ඊට විරුද්ධව කලක් පුරා ගොඩනැඟුණ බෞද්ධ බලවේගය ඉස්මතු වුයේ ගුණානන්ද හිමි‍ෙග් ක්‍රියාකලාපයත් සමඟය.

ඒ අනුව ක්‍රිස්තියානි පුජකයන් සමඟ බුදු දහමේත්, කිතු දහමෙත් සත්‍ය අසත්‍යතාව පිළිබද ප්‍රසිද්ධ වාද පැවැත්වු උන්වහන්සේගේ වාද පොත් ලෙසට ඉංග්‍රීසි බසින් දෙස් විදෙස් සුපතළ විය. පානදුරාවාදය, උදම්විට වාදය, බද්දේගම වාදය, ලෙසින් ප්‍රසිද්ධ වූ මේ වාද විවාද ඇමෙරිකාවේ නිව්යොර්ක්හිදී කියැවු හෙන්රි ඕල්කට්තුමා ලංකාවට පැමිණීමට ප්‍රධාන හේතුවක් වුයේ ගුණානන්ද හිමිගේ ක්‍රියා කලාපයයි.

ගුණානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ ප්‍රබෝධය ඇතිවන ක්‍රියා රැසකට මුල පිරූ අතර බෞද්ධ පොත්පත් මුද්‍රණය කිරීම, පුවත්පත් මුද්‍රණය, පත්‍රිකා මුද්‍රණය ධර්මදේශනා පැවැත්වීම මෙන්ම පෙරහැර සංවිධානය ආදී ක්‍රියාමාර්ග රැසක් බාධක මධ්‍යයේ සිදු කළහ. එම ක්‍රියා අන්‍ය ආගමිකයිනට කෙතෙක් බලපැම් සහගත වීද යත් ක්‍රිස්තියානි ප්‍රඥප්තිය නමින් කෘතියක් රචනා කරමින් බෞද්ධයින් කිතු දහම වෙත හැරවීමට විශාල මෙහෙයක් කළ ඩී. ජේ ගොගර්ලි පියතුමා ලන්ඩනය වෙත යැවු ලිපියක මෙලෙස සඳහන් වේ.

“අවුරුදු පනහක් පමණ අප සිතාගෙන සිටියේ බුද්ධාගම අවසානයි කියාය. නමුත් මෙතෙක් ඉවසාගෙන සිටි බෞද්ධ පිරිස තුළ මහත් උද්යෝගයක් ඇති වී තිබේ. කොළඹ සහ මුහුදුබඩ මිනිස්සු දෙවියන් වහන්සේ ගැන ප්‍රශ්න කරති. වත්තල්පොලදී අපේ පුජකතුමාට සීයයක් පමණ දෙනාට කථා කිරීමට සිදුවිය”...

වෙසක් පෝය පොදු නිවාඩු දිනයක් බව මුල් වරට ප්‍රකාශ වෙන්නෙත් වර්ණ පහේ බෞද්ධ කොඩිය මුල් වරට එසවෙන්නෙත් දීපදුත්තාරාමයේදීමයි..

බෞද්ධ ආරක්ෂක සභාව විසින් වෙසක් දින එසවීමට බෞද්ධ කොඩියක් පිළියෙළ කිරීමට කමිටුවක් පත්කළා. කොටහේන දීපදුප්තාරාමාධිපති මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමි, හික්කඩුවේ සුමංගල නාහිමි ඇතුළු බෞද්ධ වියතුන් පිරිසක් එයට ඇතුළත් වුණා. කොඩිය සඳහා සැලසුම් කිහිපයක් ඉදිරිපත් වූ අතර ඒ අතරින් කරෝලිස් අජිත් ගුණවර්ධන ඉදිරිපත් කළ ෂඩ් වර්ණ බුදුරැස් නිරූපිත කොඩියට කමිටුවේ අනුමැතිය ලැබී තිබෙනවා.

සම්මත වූ ධ්වජය පිළිබඳ හාපුරා කියා ප්‍රසිද්ධ කළේ 1885 අප්‍රේල් මස 17 දින සරසවි සඳරැස් පත්‍රයෙන්. එම වාර්තාව මෙසේ ය.

බෞද්ධයන් විසින් ඔසවන්නට ව්‍යවස්ථා කරගෙන තිබෙන කොඩියක්
මෙයින් ඇඟවෙන්නේ සර්වඥයන්වහන්සේ ජීවමාන කාලයෙහි උන්වහන්සේගේ ශරීරයෙන් නික්මුණු නීල (2) පීත (3) ලෝහිත (4) ඕදාත (5) මාංජෙෂ්ට (6) ප්‍රභාස්වර යන වර්ණ සය යි. සර්වඥයන්වහන්සේ ජීවමාණ කාලයෙහි උන්වහන්සේගේ කේශධාතු ආදී නීලවර්ණ අවයවවලින් නීල වර්ණය ද, දන්තධාතු ආදී ශේවතවර්ණ වූ අවයවවලින් සුදු පැහැ ද යනාදී වශයෙන් ෂඩ් වර්ණයන බුද්ධරශ්මීන් විහිදුන බව පොත්පත්වල ලියා තිබෙයි. එබැවින් මේ සය වර්ණ සහ ප්‍රකාශ කරන කොඩියක් උන්වහන්සේ ලෝපහළ වූ දවසේ එසවීම යහපත් ආර්ථියක් අඟවන ක්‍රියාවකි. මේ වැඩේ කල්පනා කළ බෞද්ධයන්ට ස්තුති කරමින් සියලුම බෞද්ධයන් විසින් මේ ක්‍රියාව පැවැත්විය යුතු බව මතක් කරම්හ.

බෞද්ධ කොඩිය එසවෙයි....
එසේ සකස්කළ බෞද්ධ කොඩිය අප රටේ මුල්වරට එසවුණේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ සුරතින් කොටහේන දීපදුත්තාරාම විහාරයේ බුදුගෙය ඉදිරිපිට මළුවේ යි. ඒ, 1885 අප්‍රේල් 28 වැනි වෙසක් පොහෝදා යි. එදිනම බොරැල්ල, හුණුපිටිය, කැලණි විහාරය, සහ කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගම් ශාලා භූමියේ දී ද බෞද්ධ කොඩිය එසවුණු බව සඳහන් වෙනවා.

එදා මුල්වරට බෞද්ධ කොඩිය එසවූ විහාරයට යන අපට අදත් කොඩිගසක ලෙලදෙන බෞද්ධ කොඩියක් දැකගත හැකියි. මුලින්ම කොඩිය එසවූ ස්ථානයේ අලුත් කොඩි ගසක් 2010 අප්‍රේල් 28 දාට යෙදුණු වෙසක් දිනයේ දී ඉදිකර තිබෙනවා...

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි......
දීපදුත්තාරාමයෙහි පළමු විහාරාධිපති සීනිගම ධම්මක්ඛන්ධ හිමියන්ය. උන්වහන්සේගෙන් පසුව විහාරාධිපති බවට පත්වන්නේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියි. දීපදුත්තාරාමයේ ස්වර්ණම යුගය සනිටුහන්වන්නේ ගුණානන්ද හිමිගේ යුගයේදීය. එපමණක් නොව බුදුදහම මෙන්ම බෞද්ධකම පිළිබඳ අන්තර්ජාතික අවධානයක් ඇති කිරීමට ගුණානන්ද හිමි සමත්වෙයි.

1815 අත්සන් කළ උඩරට ගිවිසුමෙහි තුන්වන වගන්තිය වුයේ බුදු දහම ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජයට ඇති වගකීමයි. නමුත් 1818 කැරැල්ලෙන් අනතුරුව බුද්ධ ශාසනය වැනසීම සඳහා බ්‍රිතාන්‍යයන් චේතනාන්විතව කටයුතු කළේය. ඊට විරුද්ධව කලක් පුරා ගොඩනැඟුණ බෞද්ධ බලවේගය ඉස්මතු වුයේ ගුණානන්ද හිමි‍ෙග් ක්‍රියාකලාපයත් සමඟය.

ඒ අනුව ක්‍රිස්තියානි පුජකයන් සමඟ බුදු දහමේත්, කිතු දහමෙත් සත්‍ය අසත්‍යතාව පිළිබද ප්‍රසිද්ධ වාද පැවැත්වු උන්වහන්සේගේ වාද පොත් ලෙසට ඉංග්‍රීසි බසින් දෙස් විදෙස් සුපතළ විය. පානදුරාවාදය, උදම්විට වාදය, බද්දේගම වාදය, ලෙසින් ප්‍රසිද්ධ වූ මේ වාද විවාද ඇමෙරිකාවේ නිව්යොර්ක්හිදී කියැවු හෙන්රි ඕල්කට්තුමා ලංකාවට පැමිණීමට ප්‍රධාන හේතුවක් වුයේ ගුණානන්ද හිමිගේ ක්‍රියා කලාපයයි.

ගුණානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ ප්‍රබෝධය ඇතිවන ක්‍රියා රැසකට මුල පිරූ අතර බෞද්ධ පොත්පත් මුද්‍රණය කිරීම, පුවත්පත් මුද්‍රණය, පත්‍රිකා මුද්‍රණය ධර්මදේශනා පැවැත්වීම මෙන්ම පෙරහැර සංවිධානය ආදී ක්‍රියාමාර්ග රැසක් බාධක මධ්‍යයේ සිදු කළහ. එම ක්‍රියා අන්‍ය ආගමිකයිනට කෙතෙක් බලපැම් සහගත වීද යත් ක්‍රිස්තියානි ප්‍රඥප්තිය නමින් කෘතියක් රචනා කරමින් බෞද්ධයින් කිතු දහම වෙත හැරවීමට විශාල මෙහෙයක් කළ ඩී. ජේ ගොගර්ලි පියතුමා ලන්ඩනය වෙත යැවු ලිපියක මෙලෙස සඳහන් වේ.

“අවුරුදු පනහක් පමණ අප සිතාගෙන සිටියේ බුද්ධාගම අවසානයි කියාය. නමුත් මෙතෙක් ඉවසාගෙන සිටි බෞද්ධ පිරිස තුළ මහත් උද්යෝගයක් ඇති වී තිබේ. කොළඹ සහ මුහුදුබඩ මිනිස්සු දෙවියන් වහන්සේ ගැන ප්‍රශ්න කරති. වත්තල්පොලදී අපේ පුජකතුමාට සීයයක් පමණ දෙනාට කථා කිරීමට සිදුවිය”...

මෝල් ගස් පෙරහැර....
දීපදුත්තාරාමයේ අභිනවයෙන් ඉදි වූ බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම යෙදී තිබුණේ 1883 මාර්තු 23 වෙනි පුන් පොහෝ දිනයි.

ඒ වෙනුවෙන් පෙරහැර මාලාවක් සංවිධානය කර තිබුණද හේතු විරහිතව පෙරහැර නතර කරන ලෙස දන්වා තිබේ. නමුත් මුලින්ම පොලිසියෙන් ලත් අවසරයට අනුව පෙරහැර පැවැත්වීමට ගුණානන්ද හිමි සියල්ල සංවිධානය කර තිබුණි. පෙරහැර සුදානම් වූ පරිදි පිටත් වුව ද කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානය ඉදිරිපිටින් ගමන් ගනිද්දි පල්ලිය ඉදිරිපිට රැස් වූ පිරිස ගල්මුල් වලින් ප්‍රහාර එල්ල කරන්නට විය.

එදින පිරිස විසිරී ගියද ගුණානන්ද හිමිගේ උපදෙස් වී ඇත්තේ මින් අනතුරුව පෙරහැර සදහා කොඩි හා මල් සැරසිලි ආදිය නිවසේ ඇති මෝල් ගසක බැඳ රැගෙන එන ලෙසයි.

අනතුරුව “මෝල් ගස් පෙරහැර ලෙස ප්‍රසිද්ධ වූ මෙවැනි පෙරහැරට හිංසා කිරීමට කිතුනුවෝ මැළි වූ බවට කරුණු අනාවරණය වෙයි. ‍එපමණක් නොව නගර පුරා ඇති බෝ ගස් කැපීම නවතා බෝධි සිටවීම සදහා බෝධි රාජ සමිතිය පිහිටුවුයේත් ගුණානන්ද හිමි විසිනි.

දීපදුත්තාරාමය තායි රජ පවුලේ නොමද අනුග්‍රහයට පාත්‍ර වෙච්ච විහාරයක්. තායි රජපවුලේ කුමාරයෙක් වුන ප්‍රිස්දාන් කුමරු 1896 දී වස්කඩුවෙව් ශ්‍රී සුභූති නාහිමියන් යටතේ පැවිදි වන්නෙ දීපදුත්තාරාමයේදීයි.

විහාරයේ අදටත් දක්නට ලැබෙන විශේෂ දෙයක් නම් ලාංකීය සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් තායි සම්ප්‍රදායට ඉදි වුණු දාගැබයි. මෙහි බුද්ධගයාවට හුරු බවක් දකින්නත් පුළුවන්.

කොළඹ නගරය තුළ ඇති දැකුම්කලු විහාර අතරින් එකක් වන දීපදුත්තාරාමයෙහි චෛත්‍ය සියල්ල අතරින් විශේෂිතය. දේශීය සම්ප්‍රදායට වඩා‍ එහි ඇත්තේ තායි සම්ප්‍රදායයි. පුරාවිද්‍යා භූමියක් ලෙසද සුරක්ෂිත කර ඇති මේ පුදබිමෙහි ඇති විශේෂත්වය වන්නේ බුදුන්වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා මෙහි නිදන්කර තිබිමයි
වැලිමළුවේ ඇවිද යනවිට තැන තැන දකින්න ලැබෙනවා තායි රජපවුලේ විවිධ අය විසින් සිටුවන ලද පැළ අසල පිහිටුවන ලද පුවරු. බොහෝ අය මෙහි සාමකාමී ලෙස වැඳුම්, පිදුම් කරනවා. ශීඝ්‍රයෙන් නාගරීකරණය වූ කොටහේනේ රථවාහන ඝෝෂාව අවටින් ඇසුණත්, සිනිඳු වැලි පයට පෑගෙන, මල්, හඳුන්කූරු සුවඳ හමන පන්සල ඇතුළත ශාන්තයි....

................අන්තර්ජාලය ඇසුරෙනි..............දැනුම සොයන්න මේ පාරෙන් එන්න
ලංකාවේ මුල් වරට බෞද්ධ කොඩිය එසවූ වළව්වේ පංසල (The Temple Where The Buddhist Flag Was Raised For The First Time In Sri Lanka) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලංකාවේ මුල් වරට බෞද්ධ කොඩිය එසවූ වළව්වේ පංසල (The Temple Where The Buddhist Flag Was Raised For The First Time In Sri Lanka) ලංකාවේ මුල් වරට බෞද්ධ කොඩිය එසවූ වළව්වේ පංසල (The Temple Where The Buddhist Flag Was Raised For The First Time In Sri Lanka) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 30, 2022 Rating: 5

0 comments:

Post a Comment